21 September 2024

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විද්වත් කමිටු වාර්තාව ජනපතිට

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවේ වාර්තාව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීය.

ඇහුම්කන් දෙන්නේ නැතිනම් මෙහෙයුමක් කරනවා – රනිල් කියයි

අගමැතිවරයා ඉවත්කිරීමට උත්සාහ කිරීම ඇමතිවරුන් මාරු කිරීමට උත්සාහ කිරීම ඇතුළු මේ සියලූ කාර්යයන් වලින් පහර ගැසුවේ ජනතාවට බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නෑ – නලින්ද කියයි

රටක් පාලනය කළ යුත්තේ රටේ ව්‍යවස්ථාව, නීතිය අනුවයි. එසේ නොමැතිව එක් එක් පුද්ගලයින්ගේ හැසිරීමේ ස්වභාවය මත සංස්කෘතික ප‍්‍රශ්න මත රට පාලනය කිරීම ව්‍යවස්ථාව නීතිය උල්ලංඝනය කිරීම කාට හෝ අයිතියක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මැදිරිගිරිය ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථානය ගොවි ජන අයිතියට

කෘෂි නිෂ්පාදන වර්ධනය කරමින් රටේ යහපත් ආර්ථීකයක් ගොඩනැගීමට මෙන්ම ගොවියාට සාධාරණ මිලක් ලබාදෙමින් ඔවුන් ණය බරින් නිදහස් කර ගැනීමට ගෙන යන ජාතික සංවර්ධන සැලසුම් අතර ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ගොවි ජනතාවගේ ධාන්‍ය සුරැකුම් මධ්‍යස්ථාන දිවයින පුරා ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ක්‍රියාවට නංවා තිබේ.

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට එරෙහි පෙත්සම කල් යයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එම කැබිනට් මණ්ඩලය විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය හරහා සිය මූලික අයිතිවාසිකම්ට කඩවී ඇති බව සඳහන් කරමින් දඹර අමිල හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම එළැඹෙන ජනවාරි මස 07 දා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

තිළිණ තෙන්නකෝන් එජාපයට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබේ. ඒ මහතාගේ පක්ෂ සාමාජිකත්වය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ලබාගෙන ඇත.

කැලිෆෝනියාවේ හිම නිසා විදුලියත් නැහැ

අමෙරිකාවේ හිම කුණාටුව හේතුවෙන් එරට දකුණුදිග කැලිෆෝනියවේ ප්‍රදේශ රැසක විදුලිබලය ඇනහිට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිම කුණාටුව හේතුවෙන් මේ වන විට ලක්ෂ 4කට ආසන්න පිරිසකට විදුලිය නොමැතිව තිබේ.

මන්ත්‍රීවරුන්ට අල්ලස් දෙන්න හැදූ අය අල්ලස් කොමිසමට ඉදිරිපත් කරන්න – මනුෂ නානායක්කාර

මන්ත්‍රීවරුන්ට රුපියල් මිලියන පන්සියය බැගින් අල්ලස් ලබාදීමට උත්සාහ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත් මහින්ද රාජපක්ෂත් අල්ලස් කොමිසම හමුවට ගෙන ආ යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

රනිල් සහාය පලකරන යෝජනාවට රිෂාඩ් පක්ෂයි

ලබන දොලොස් වෙනිදා (12) හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකිරීම සඳහා පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට තමන් ඇතුලු තම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිවන බවත් එම යෝජනාවට පක්ෂව තම පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් ඡන්දය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක ,කර්මාන්ත හා වාණිජ කටයුතු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

රනිල්ට දෙන්නේ නෑ කියනවානම් ඒක ව්‍යවස්ථාවට විරුද්ධයි – වජිර අබේවර්ධන කියයි

මන්ත්‍රීවරු 225ම කැමතිවුණත් අගමැතිකම රනිල් වික්‍රමසිංහට දෙන්නේ නැතැයි කියනවානම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපතිවරයාට එවැනි දෙයක් කිව නොහැකි බවත් වජිර අබේවර්ධන මහතා පවසයි.