21 September 2024

නව ඇමැති මණ්ඩලය දිවුරුම් දීම හෙට නෙමෙයි …… අනිද්දා…!

අග්‍රාමාත්‍ය ධුරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා පත් කිරීමෙන් අනතුරු නැවත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම ලබන අගහරුවාදා දින සිදු කරන බව වාර්තා වේ. නව කැබිනට් මණ්ඩලය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එක්වන පිරිස හට ලබා දෙන අමාත්‍යංශ සම්බන්දයෙන් හා එක්සත් ජාතික පක්ෂයේ පිරිසට ලබා දෙන අමාත්‍යංශවල පුර්ණ එකඟතාවයක් ඇතිවය.

අවාසනාවන්ත කාලය ඉවරයි …. ! අගමැති රනිල් කියයි

පසුගිය සති කිහිප තුළ ඇති වු අවාසනාවන්ත කාලය අවසන් බවත් ඉදිරියේදී ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවීමට කටයුතු කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ පලමුව රටේ සාමාන්‍ය තත්ත්වක් ඇති කරන බවයි.

අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ ජනපති ඉදිරියේදී දිවුරුම් දෙයි

අගමැතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී අද (16) දිවුරුම් දුන්නේය. රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණිමෙන් අනතුරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පැමීණ තිබේ.

අගමැතිකමින් ඉවත් වු මහින්ද විපක්ෂනායකකමට

මීලග පාර්ලිමේන්තු සභාවාරයේදී සන්ධානයට විපක්‍ෂ නායක ධුරය හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාව පත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය අත්සන් කිරීමෙන් අනතුරු දේශපාලනිකව ඊලගට සිදු කළ යුතු වන්නේ කුමක් දැයි ඔහුට සමීප දේශපාලනඥයින් සමඟ සාකච්ඡා කොට ඇත.

නව අවුරුද්දේ මංගල සහන අයවැයක්

2019 වසර සඳහා හෙට පත්වන නව ආණ්ඩුව විසින් ජනතාවට සුභදායක මෙන්ම සහන රැසක් ඇති අයවැයක් ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ මංගල සමරවීර හට එම අමාත්‍යංශයම නැවත ලැබෙනු ඇති බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කර සිටි.

ජවිපෙ අඹ කැඩුවේ ජනතාවට අහුලගන්නැයි – ලාල් කාන්ත කියයි (විඩියෝ)

ව්‍යවස්ථා විරෝධි සටනේදී ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවේ මෙහි මුළික ප්‍රතිලාභ ජනතාවට ලබා දීමේ අරමුණින් බව දේශපාලන මණ්ඩල සභික කේ. ඩී ලාල් කාන්ත මහතා පවසයි.

ජනපතිව පරිස්සමින් ආශ්‍රිය කරන්න ඕන – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි

දින 50 ක චිත්‍රපටයක් පෙන්නු ජනාධිපතිවරයා ස්තුතිය පල කරන බවත් ඉදිරියේදී ජනාධිපතිවරයා ආශ්‍රිය කිරීමේදී පරිස්සමින් කල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

ඡන්දවලට දාන්න ඕන අය ඒ වෙලාවට කියන්නම් – එජාපය

ආණ්ඩු කරන්න කටින් බැරි බවත් කකුලෙන් ඇද්දේ ජනාධිපතිවරයා බව එක්සත් ජාතික පක්ෂය පවසයි.  එම පක්ෂයේ යුක්තියේ ජනහඩ සංවිධානය කළ මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර මහතා කියා සිටියේ ආණ්ඩුවේ කටයුතුවලට බාධා කර සිටියේ ජනාධිපතිවරයා බවයි.

අලුත් කෙනෙක්ට ඉඩ දෙන්න අයින් වුණා – හිටපු ජනපති කියයි

නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ඉඩ ලබා දෙමින් තමන් ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියට මේ වන විට අත්සන් තමා තිබේ.

ජනපති පිස්සු වැඩ කරනකොට අපිට දුකයි – මන්ත්‍රි මුජිබර් රහුමාන් කියයි

ගම්මන්පිලලා වැනි දේශපාලන ජෝකර්ලාගේ ප්‍රකාශයන් රූපවාහිණි නාලිකාවල , පත්තරවල දාන බවත් මෙවැනි අයගේ ප්‍රකාශ ප්‍රචාරය කොට ජනතාවගේ බුද්ධියට නිඟා නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා පවසයි.