21 September 2024

හෙටත් මහින්ද පිල පාර්ලිමේන්තුව වර්ජනය කරයි

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව සභානායක දිනෙෂ් ගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදීය.

මේක මහින්ද මෛත්‍රි රනිල් සටන් නොවෙයි – විමල් කියයි

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතිය, පකිස්ථානයේ මෙන් බටහිර රටවලට උවමනා පරිදි නැටවිය නොහැකි වනු ඇතැයි තමන් තවමත් විශ්වාස කරන බව නිදහස් පෙරමුණේ නායක, විමල් වීරවංශ මහතා පවසයි.

225 අත්සන් කළත් රනිල්ව අගමැති කරන්නේ නෑ – ජනපති එජාපෙට කියයි

පාර්ලිමේන්තුවේ 225 දෙනා ම අත්සන් කර රනිල් වික්‍රමසිංහව අගමැති කරන ලෙස ඉල්ලුවත් ඔහුව අගමැති ලෙස පත් නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත පවසා තිබේ.

තීන්දුවට මම එකඟ නෑ – මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

කැබිනට් මණ්ඩලය හා අග්‍රාමාත්‍ය ධුරය අත්හිටවූ බව ප්‍රකාශ කරමින් අද දින අභියාචනාධිකරණය විසින් ලබා දුන් අතරුතහනම් නියෝගයට තමා එකඟ නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මහින්දට අගමැතිකම දැරීමට නිත්‍යනුකූල හිමිකමක් නැහැ – අතුරු නියෝගයක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ සභාපතිනිය ජනපති හමුවෙයි

ලෝකයේ රටවල් 206ක් පුරා පැතිරි ඇති ලක්ෂ 14කට ආසන්න සාමාජික සංඛ්‍යාවක් සිටින ජාත්‍යන්තර සිංහ සමාජ ජාලයේ වත්මන් සභාපතිනි Gudrun Yngvadottir මහත්මිය දිවයිනට පැමිණ සිටින අතර, ඒ මහත්මිය අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.

නඩුව පැරදුණොත් ඡන්දයක් තියන්න ඕන

ජනාධීපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ නඩුව පරාජයට පත් වුවහොත් ඉදිරියේදී කුමන හෝ මැතිවරණයකට යා යුතු බව පොදු ජන පෙරමුණේ අභ්‍යන්තර ආරාංචි මාර්ග කියා සිටියේය.

රටම ගිනිතියලා ජනපති විනෝද චාරිකා යනවා – ජවිපෙ කියයි  

කුමන්ත‍්‍රණය නිර්මාණය කරපු මෛතී‍්‍රපාල මහත්තයලා, මහින්ද රාජපක්‍ෂ මහත්තයලා අර්බුදය විසඳනවා වෙනුවට කුමන්ත‍්‍රණය පවත්වාගෙන යන්න කටයුතු කරන බව ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික ලක්‍ෂ්මන් නිපුනආරච්චි මහතා පවසයි.

මහමැතිවරණයක් අවශ්‍යයි – මහින්ද රාජපක්ෂ කියයි

අස්ථාවර වී ඇති රටක් තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ හැකි එකම ක්‍රමය වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය හා මහ මැතිවරණය යන කරුණු යටතේ අග්‍රාමාත්‍ය කර්යාලයේ දි අද (02) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

මහින්ද රටට වටිනවා – වෙල්ගම කියයි

මහින්ද රාජපක්ෂ රටට වටිනා පුද්ගලයෙකු බවත් ඔහු විසින් ගන්නා තීරණවලට තමා සහාය දක්වන බව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ තව ටික කාලයක් සිටියනම් මීට වඩා ජයග්‍රහණයක් ලබා ගත හැකිව තිබු බවයි.