21 September 2024

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට තීරණය කර ඇති බව දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.  අද (27) පාර්ලිමේන්තුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා කියා සිටියේ ස්ථාවර නියෝග නොමැතිව න්‍යාය පත්‍රයක් නොමැතිව කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කර ඇත බවයි.

මුදල් ඇමැති නීතිවිරෝධීව රේගුවට බලපෑම් කළැයි යන පුවත මුදල් අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් යනුවෙන් වෙබ් අඩවි සහ සමාජ මධ්‍යවල පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳව මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙන බවත් ශ්‍රී ලංකාවෙන් බැහැරට යන ඉරාන ජාතිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් […]

අද පාර්ලිමේන්තුව යළි රැස්වෙයි …. ආණ්ඩු පක්ෂය එයිද? එජාපය …?

පාර්ලිමේන්තුව අද (27) යළිත් පස්වරු 1ට රැස්වීමට නියමිතයි. අද (27) දිනයේදීත් මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දැමීමටයි තීරණය කර තිබේ.

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය පත් කෙරේ

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි සිය රාජකාරි කටයුතු භාරගන්නා ලදි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නඩුවට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක්…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී බව පවසමින් ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත. ඊට අමතරව බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මෘදු ප්‍රනාන්දු යන මහත්ම […]

19 නිසා අවුල් බව ගෝඨා කියයි

අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට මේ වන විට අවුල්සහගත තත්ත්වයකට පත්ව ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසයි.  ඒ මහතා මේ බව පැවසුවේ අද (26) අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයේ පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය වැටලීම් ගැන මසකට වරක් වාර්තාවක් ඕන – ජනපති පොලිස්පතිට දන්වයි

මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ වාර්තාවක් මාස් පතා ලබාදෙන ලෙස ජනපති මෛත්‍රිපාල සිරිසේන පොලිස්පතිට උපදෙස් ලබා දී තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු අද තිබෙන තත්ත්වයට වඩා උසස් මට්ටමකට ගෙන එමින් ඉහළ ප‍්‍රමිතියකින් යුත්, කාර්යක්ෂම, මහජන හිතකාමී ප‍්‍රශස්ත සේවාවක් ලෙස ශක්තිමත් කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

අපි බය නෑ .. ඡන්දෙදි තුරුම්පු දානවා – නලින් බණ්ඩාර කියයි

මැතිවරණයකට මුහුණ දීම සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පෙරමුණේ පක්ෂ කිසිදු බියක් නොමැති බවත් එජාපයේ තුරුම්පු මැතිවරණය ආරම්භයේදී ඉදිරිපත් කිරීම පක්ෂයේ අභිලාශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

පාලම් 250 ඉදි කරන්න නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 52.1 මූදලක්

දිවයින පුරා වානේ පාලම් 250 ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1 ක මූල්‍ය සහාය ලබාදීමට නෙදර්ලන්තයේ රබෝබැංකුව එකඟවි ඇති බව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.

හිටං, හූටං කියපු දයාසිරිට ජවිපෙ ගැන කතා කරන්න අයිතියක් නෑ – විජිත හේරත් කියයි

මේ වන විට දේශපාලනිකවත් ආර්ථිකවත් රට අර්බුදයකට පත්ව ඇති බවත් අර්බුදය සමනය කරන්න ජනාධිපතිවරයාට කිසිදු ඕනෑකමක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.