22 September 2024

හැමෝම රට හදන්න කැප වෙන්න ඕන – ඇමැති දුමින්ද කියයි

ඉස්සර කැපුවත් කොළ, කැපුවත් නිල් කියන අතර අපි හැමෝම කැපුවාම රතු , අපි හැමෝම රට හදන්න, ගම හදන්න කැපවෙන්න ඕනෑ බවත් මැතිවරණ කාළයක් ආවම කැමති පක්ෂයකට ජන්දය දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රටේ විදේශ ප්‍රතිපත්ති පරිසරය හා දේශගුණය ආරක්ෂා කිරීම සඳහා ද යොදා ගත යුතුයි – අගමැති

අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයට සහ රටවල් සමඟ සබඳතා ඇති කර ගැනීමට පමණක් සීමා නොකර රටේ විදේශ ප්‍රතිපත්ති පරිසරය හා දේශගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද යොදා ගත යුතු බවත් රට සංවර්ධනය කළ යුත්තේ පරිසරය සුරැකීම පිළිබඳ අවධානය යොමු කරමින් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

  කරුණාකර තාක්ෂණික විප්ලවයට ඉඩ දෙන්න – ඇමති පාඨලි ජනතාවගෙන් ඉල්ලයි

  ලංකාවේ අනාගතය තාක්ෂණ විප්ලවයයි, කරුණාකරලා එයට ඉඩ දෙන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ රටක් හැටියට අපට තාක්ෂණ නගරයක් ඕනෑ වෙන්නේ ඇයි? පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් කරමින්.

ආපදා අවම කිරීමට අනුරපුරයේ බෝක්කු පිළිසරක කරයි

ආපදා අවම කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැසි සමයේ නිරන්තරයෙන් ජල ගැලීම් වලට පත් වෙන ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග බෝක්කු දමා සංවර්ධනය කිරීම ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

තවත් උදාගම්මාන 50 ක් හදන්න ඉන්දියාවෙන් ආධාර

රට තුළ තවත් උද ගම්මාන 50 ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයෙන් රුපියල් ලක්ෂ 6,000 ක ආධාර මුදලක් අද දින ශ්‍රී ලංකාවට ලබා දුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පසුගිය වසරේදී ද ඉන්දිය රජය ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 6,000 ක අධාර මුදලක් ලබාදුන් බවත් දෙවන වරටත් මෙම වසරේදී ඉන්දිය රජය තවත් රුපියල් ලක්ෂ […]

නිෂ්පාදනය ඉහළ නංවන්න නව ඖෂධ කර්මාන්ත ශාලාව ජනපති අතින් වීවෘත කරයි

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ ඖෂධ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් ඉදිකරන ලද නව ඖෂධ කර්මාන්ත ශාලාව ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරිණි.

වංචනික ලිපිවලට රැවටෙන්න එපා – අමාත්‍ය මණ්ඩලය කියයි

විදෙස් රටවලින් ලැබීමට නියමිත බව හැඟවෙන පාර්සල් සහ නැව් බඩු සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් තීරු බදු සහන අනුමත කර ඇති බවත්, ඒ සම්බන්ධව කටයුතු කිරීමට තමන් මැදිහත්විය හැකි බවත් හුවා දක්වමින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ ලිපි ශීර්ෂ වංචාකාරී ලෙස යොදා සකස් කරන ලද ව්‍යාජ ලිපි ඉදිරිපත් කරමින් වංචාකාරී පුද්ගලයෙකු හෝ වංචාකාරී සංවිධානයක් විසින් යම් යම් පුද්ගලයින්ගෙන් […]

නව අගවිනිසුරු නලින් පෙරේරා මහතා දිවුරුම් දෙයි

ශ‍්‍රී ලංකාවේ නව අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලින් පෙරේරා මහතා ඊයේ (12) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

කලකිරුණු අය මහින්දට සපෝට් නෑ … මේ ආණ්ඩුව 2020 තෙක් හෙල්ලෙන්නේ නෑ

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් යහපාලන ආණ්ඩුවට එක්ව සිටින මෛත්‍රි පාර්ශවයේ ඇමැතිවරුන් කිසිදු අවස්ථාවක නැවත මහින්ද රාජපක්ෂ සමඟ සන්ධාන ගත වන්නට කිසිදු අවස්ථාවක සුදානම් නොමැති බව වාර්තා වේ.

ජනපතිගේ යෝජනාවට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවේ

නව අගනිවිසුරුවරයා වශයෙන් ජනාධිපතිවරයා යොමු කළ නාම යෝජනාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව කථානායක මාධ්‍ය අංශය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා නව අගනිවිසුරුවරයා වශයෙන් පත් කිරීමට යෝජනා කර ඇති අතර, එයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.