24 September 2024

ආගමටත් බලපා ඇති පක්ෂ දේශපාලනය ඉවත් කල යුතුයි – ඇමැති රාජිත

වර්තමානයේ ආගමටත් දේශපාලනය සම්බන්ධ වී ඇති බවත්, පක්ෂ දේශපාලනය ඉවතලා සංවර්ධනය කිරීමට සියලුම දේශපාලන පක්ෂ පෙරමුණ ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

කාර්යාලීය නිල ඇදුමෙත් චක්‍ර ලේඛය සංශෝධනයට

කාර්යාලයීය නිලඇඳුම් පිළිබඳ චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බැවින් ඊට අනුකූලව ක්‍රියාකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් චක්‍රලේඛය සංශෝධනය කිරීමට කටයුතු කරමින් සිටින බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ජනාධිපතිගේ බලතල අභියෝගයට ලක් කරන්නේ නෑ – කථානායක

වත්මන් පාර්ලිමේන්තුව කිසිවිටත් ජනාධිපතිවරයාගේ බලතල අභියෝගයට ලක් කරන බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. කථානායකවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳව සොයා බලා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් සිදු කරන යන මෙම වැඩපිළිවෙලෙහි වෙනසක් ඇති වුවහොත් එය ජනතාව තුළ වැරිදි මතයක් ඇති වනු ඇති බවයි.

ලී මෝල් ගැන ගැසට් පත්‍රය සංශෝධනයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2014.12.03 1896/26 දැව මඩු ලියාපදිංචිය සහ දේපල සලකුණු අති විශේෂ ගැසට් පත්‍රය සංශෝධනය කිරිමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ ප්‍රකාශකයෙකු පවසයි.

අගමැති මෝදි නිල සංචාරය සඳහා හෙට ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සමඟ පවත්නා ඵෙතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා හෙට (9) දින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි.  හෙට පෙරවරු 9 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ඉන්දීය අගමැතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල පිළිගැනීමේ උත්සවයක් පැවැත්වෙන අතර එදිනම පස්වරුවේ ඒ මහතා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට […]

වැස්ස නිසා ශ්‍රී ලංකාව සහ පාකිස්ථානයට සම ලකුණු (Update)

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර බ්‍රිස්ටල්හි ඊයේ (07) පැවැත්වීමට නියමිතව තිබූ ලෝක කුසලාන ක්‍රිකට් තරඟය එකදු පන්දුවක් හෝ යැවීමකින් තොරව අත්හැර දැමීමට තීරණය කලේය.  තද වර්ෂාව පැය 05 කාලයක් පැවැති හේතුවෙන් විනිසුරුවන් තීරණය කළේ තරඟය ක්‍රියාත්මක කළ නොහැකි බවටය. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමි වන අතර, ශ්‍රී ලංකාව පාකිස්තානය අභිබවා තුන් […]

රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය වීම අනුමත කරන්නේ නෑ – ජනපති

පාර්ලිමේන්තු කාරක සභාවක් විසින් බුද්ධි අංශ නිලධාරින් ගෙන්වා රාජ්‍ය බුද්ධි තොරතුරු මාධ්‍ය ඉදිරියේ අනාවරණය කරවීම තමා කිසිසේත් අනුමත නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

නවීන සන්නිවේදන උපකරණ සමඟ චීන ජාතිකයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

මීගමුව, ඒත්තුකාල ප්‍රදේශයේ දී Iphone 402 ක්, සීම් පත් 17,400 ක් හා රවුටර් (Router) 60 ක් සමඟ චීන ජාතිකයෙන් පොලිස් විශේෂ බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්තවාදි සහරාන්ව මම කවදාවත් දැකලා නෑ – රිෂාඩ්ගෙන් විමල්ට එරෙහිව පැමිණිල්ලක් (විඩියෝ)

තමා සම්බන්ධව බොරු චෝදනා කරමින්, ත්‍රස්තවාදී සහරාන්ව හා තමා සම්බන්ධ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලබන චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව පරදවා මැකාවෝ පිල ජය ගනී

2023 පාපන්දු ලෝක කුසලානය සඳහා ආසියානු සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරඟයේ ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට මැකාවෝ කණ්ඩායම සමත් විය.