24 September 2024

ආරක්ෂක මණ්ඩලයේ වැදගත්ම මාතෘකාව වුණේ මධුෂ් ගැනයි

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් සතිපතා ආරක්ෂක මණ්ඩලයට කැඳවීමක් සිදු වුව ද, පසුගිය කාල තුලදී එහි වැඩිපුර සාකච්ඡා වුයේ පාතාල නායක මධුෂ් සම්බන්ධව බව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා පවසයි.

ගස් කැපීම නැවත්විමට ජනපති ගැසට් නිවේදන නිකුත් කරන්න කියයි

පරිසරය රකින නීති සහ පරිසරය වෙනුවෙන් ගෙන ඇති ප‍්‍රතිපත්තිමය තීන්දු තීරණ නිසි ලෙස ක්‍රියාවට නැංවීමට කැපවීම, රට ගොඩනැඟීමට සැබෑ වුවමනාවක් ඇති සහ රටේත් ජනතාවගේත් යහපත ප‍්‍රාර්ථනා කරන සියලු දේශපාලනඥයන්ගේ මෙන් ම නිලධාරින්ගේ වගකීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

භාරකරුවන්ට බෑ පන්සල් එන එක නවත්වන්න – දඹර අමිල හිමි

අමාත්‍ය මංගල, අමාත්‍ය රාජිත වැනි අයට පන්සල් වලට ඒම තහනම් කරමින් පසුගියදා හිමිනමක් විසින් කල ප්‍රකාශයේ තරයේ හෙලා දකින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය පුජ්‍ය දඹර අමිල හිමියන් පැවසුහ.

2022 ලෝක කුසලාන පාපන්දු තරගයට – ශ්‍රී ලංකාව මැකාවෝ සමග තරඟ බීමට

වසර 2022 දී කටාර් හිදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව එහි පලමු පියවර ලෙස අද (6) මැකාවෝ රාජ්‍යය සමග තරග වදින්නේ චීනයේ සුහායි දිය. මෙම ලෝක කුසලාන සුදුසුකම් තේරීමේ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.00 ට ආරම්භ වේ.

ඉදිරි මැතිවරණයට පොහොට්ටුව පුළුල් සන්ධානයකින්

ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් පුලුල් දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය ජුලි 09 සහ 10

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 09 හා 10 දින විවාදයට ලක් කරන බව පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජනපති ආරක්ෂක කවුන්සියට එන්න එපා කියු බව පුජිත කියයි

තමා ඔක්තෝබර් 23 වන දින ආරක්ෂක මණ්ඩලයට සහභාගී වු බවත් ඒ හැරුණ විට තමාට ඔක්තෝබර් මාසයේ සිට සම්බන්ධ වීමට අවශ්‍ය නොමැති බව වාචිකව එවකට හිටපු ලේකම් දැනුම් දුන් බවත් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

ඔයාලා කලින් ගියානම් අපේ වැඩ සිග්‍රයෙන් – එරාන් , අමුණුගමට කියයි

ඔබතුමාගේ සහෝදරයෝ ටික ආණ්ඩුවෙන් කලින් පිටවුණානම් රටේ සංවර්ධන කටයුතු සිග්‍රයෙන් කිරීමට හැකියාව තිබු බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

පුජිත – හේමසිරි අද තේරීම් කාරක සභාව හමුවට

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව අදත් යළි රැස්වේ.  ඒ අනුව පෙරවරු 11 සිට පස්වරු පහ දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදි කාරක සභාව රැස්වනු ඇත. අද දිනයේදී මෙම තේරීම් කාරක සභාව හමුවට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු කැඳවා […]

මෙවර පොසොන් උත්සවය ඉහල මට්ටමින් පැවැත්වීමට කටයුතු කරන බව අගමැති කියයි

ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.