24 September 2024

රාජපක්ෂලාට එකතු වෙන්නේ නෑ …එජාපය සමඟ ඉදිරියටත් – ජනපති

මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරියේදී කිසිදු අවස්ථාවක එකතු නොවන බවත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (04) කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා තිබේ.

නැගෙනහිර ආණ්ඩුකාර ධුරය ශාන් විජයලාල්ට

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ.

පසුගිය වසරේ විදුලිසැර වැදීම් මරණ 50% කින් පහලට -PUCSL

පසුගිය වසර 6ක කාලයට තුලදී විදුලි සැර වැදීම් මරණ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

මම රට වෙනුවෙන් කැපවීම් කරන කෙනෙක් – හිටපු ඇමැති කබීර් (විඩියෝ)

පාස්කු දින ප්‍රහාර සම්බන්ධයෙන් රටේ ඇතැම් පිරිස් විසින් මුස්ලිම් අමාත්‍යවරුන් විසින් බුද්ධි අංශ විසින් කරන පරික්ෂනවලට බාධා එල්ල කරන බවට චෝදනා කල බවත් රටේ ඇති වු කලබලකාරි තත්ත්වය හමුවේ රට ගැන සිතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වු බව හිටපු අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැලැක්වීම සාකච්ඡාවක්

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් (Hon. Peter Dutton) මහතා සමඟ ඊයේ (04) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පවත්වා ඇත.

රතන හිමිගේ උපවාසයට – මල්වතු – අස්ගිරි පාර්ශවයෙන් දැඩි විරෝධයක්

මහනුවර ශ්‍රී දළදා මාළිගාව අභියසදී උපවාසයේ නිරත වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට විවිධ පාර්ශව වලින් මේවන විට විරෝධයක් එල්ල වී ඇති බව වාර්තා වේ.

නෝර්වියානු සැලසුම් පරද්දන්න – විමල්, ජනපතිගෙන් ඉල්ලයි

නෝර්විජියානුවන් විසින් ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කේෂ්ත්‍රයේ බරපතල අත්පත් කර ගැනීමක් සඳහා දියත් කොට ඇති සුක්ෂ්ම මෙහෙයුම සාර්ථික වුවහොත් ඒ මඟින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව අනතුරේ වැටීමක් සිදු වන බව ජාතික නිදහස් පෙරමුණේ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

2019 ජාතික කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලිය

වසර 04 කට පසු ශ්‍රී ලංකා හොකී සම්මේලනය සදහා තේරී පත් වූ නිළධාරී මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ හොකී ක්‍රීඩාවේ ඉදිරි දැක්ම උදෙසා ප්‍රථම වරට පවත්වනු ලබන කණිෂ්ඨ කාන්තා හොකී ශූරතාවලීය ලබන 07 වනදා සිට 09 වන දින දක්වා කොළඹ රීඩ් මාවතේ කෘතිම හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

කාර් රථයක සැකකටයුතු මළ සිරුරක්

අතුරුගිරිය, සංදෝරිස් ජයන්ති මාවතේ අයිනේ නවතා තිබු කාර් රථයක රියදුරු අසුනේ පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි. 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් අතුරුගිරිය පොලිස් ස්ථානයට අද (05) අලුයම 2 ට පමණ ලැබුණු පනිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු ජය වාර්තා කරයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සිය පළමු ජය වාර්තා කලේ ඇෆ්ගනිස්ථානය පරාජයට පත් කරමින්. ඒ ලකුණු 34 කින් ජය ගනීමිනි. කාඩිෆ් නුවර සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන පන්දු යැවීම තෝරා ගත්තේය. ඒ අනුව ශ්‍රී ලංකා පිල ලකුණු 201 ලබා ගත්තේ. වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පන්දු වාර 41 කට තරගය සීමා […]