23 September 2024

සහරාන්ව අත්අඩංගුවට ගත්තානම් ප්‍රහාර අවම කර ගැනිමට තිබුණා

පාස්කු දින සිදු කල බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ සහරාන් හෂීම්ව රහසිගත උපායමාර්ගික සැලැස්මකින් අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ නම් , ප්‍රහාර අවම කරගැනීමට අනිවාර්යෙන්ම හැකියාව තිබූ බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පවසයි.

කමිටු වාර්තාව මසකින් … වැරදිකරුවන්ට නඩු – අගමැති

ජාතිවාදය ඇවිස්සීම තුළින් සිදු වන්නේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රමාණය වැඩි වීම හෙයින් ජාතිවාදයට යළි හිස එසැවීමට ඉඩ නොදිය යුතු බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විදේශ රැකියාව අවසන්ව දිවයිනට පැමිණි ශ්‍රමිකයින් ස්වයං රැකියා වෙනුවෙන් ආධාර

විදේශ රැකියාව අවසන් කර දිවයිනට පැමිණ ස්වයං රැකියාවල නිරත වන ශ්‍රමිකයින් 79 දෙනෙකු සදහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් රු. 1,754,406.00 මුදලක් ලබා සිදු කර තිබේ. ඒ ඊයේ (03) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිය.

සාලිගේ පුටුව මුසම්මිල්ට

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

තේරීම් කාරක සභාවට නාලකත් කැඳවයි

පාස්කු දින සිදුවු ත්‍රස්ත ප්‍රහාර ගැන සොයන විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුව දෙවන වරට අද (04)පස්වරු 3 ට රැස්වීමට නියමිතයි.

රෝහණ ලක්ෂමන්ට ආණ්ඩුකාර ධුරයක් ….. !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හට ආණ්ඩුකාර ධුරය ලබා දීමට නියමිත බව වාර්තා වේ. ජනාධිපතිවරයාගේ සමිපතම ආරංචි මාර්ග කියා සිටියේ එම පත්වීම අද දිනයේදී ලබා දීමට නියමිත බවයි.

රටේ සියලු ජනකොටස්වලට නිදහසේ ජිවත්විය හැකි පරිසරයක් ගොඩනැගිය යුතුයි – ජනපති

රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරු තනතුරුවලින් ඉවත් වෙයි

ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමතිවරු සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. අද (03) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසා සිටියේ ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

ශ්‍රී ලංගමයට සුඛෝපභෝගී නවීන බස්රථ එක් වෙයි

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ ඇණිය වැඩි කරමින් වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස්රථ 68ක් එක්ව තිබේ. එහි පළමු පියවර යටතේ චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කළ කින්ග් ලෝන්ග් (Kinglong) සුඛෝපභෝගී නවීන බස්රථ නවය එම සමාගම විසින් මේ වන විට සම්පූර්ණයෙන්ම නිමවා තිබේ.

උපවාසය නතර කළ රතන හිමි රෝහල් ගත කරයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දින හතරක් පුරා උපවාසයක නිරත වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ එම උපවාසය අවසන් කර මහනුවර රෝහල් ගත කර තිබේ.