23 September 2024

කුවේට් රැකියා සදහා යන ශ්‍රමිකයින්ට රක්ෂණ ක්‍රමයක්

කුවේට් රාජ්‍යයේ ගෘහස්ථ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා 2019.06.03 දින සිට එරට තුළ ක්‍රියාත්මක වන රක්ෂණ යෝජනා ක්‍රමයක් හදුන්වා දී තිබෙන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟය අදින් ආරම්භ වේ

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3 ට එංගලන්තයේදී ආරම්භ වීමට නියමිතයි. එහි පළමු තරගය සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති.

විල්පත්තුවට යලි පණ දෙන ” රිස්ට්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි “

ජාතික සමාජ සත්කාරක සේවාවේ තවත් එක් කැපී පෙනෙන සත්කාරයක් ලෙස විල්පත්තුව යලි නාගා සිටු වීම සඳහා රිට්ස්බරි දිගුකාලීනව තම පුර්ණ අනුග්‍රාහකත්වය සපයනු ලබයි.

සංචාරක ව්‍යාපාර නැංවීමට සැමට සහන ලබා දෙන බව අගමැති කියයි

මහා පරිමාණ හෝටල්වලට පමණක් නොව, කුඩා සංචාරක ව්‍යාපාර ස්ථානවලට වගේම ඊට සම්බන්ධ අනෙකුත් අංශවලටත් සහන ලබාදීමට සහ උදව් උපකාර කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට යළිත් සෞඛ්‍ය ඇමැතිට

ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

තාවකාලිකව අත්හිටු පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ලබා දෙයි

රටෙහි පැවති ආරක්ෂක වාතාවරණය මත ආරක්ෂක මණ්ඩලය මඟින් තාවකාලිකව අත් හිටුවන ලද පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීම් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි නැවත ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

පත්වීම දුන් ගමන් වැඩ භාර ගත් ඇමැති වසන්ත

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත් කරනු ලැබූ වසන්ත සේනානායක මහතා අද (29) දින විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය.

දිවා ඉඩමේ වාසනාව 8 වන තරඟයේ ජයග්‍රහකයින් තිදෙනාට ඉඩම් පිරිනමයි

පාරිභෝගික සිහින සෑබෑ කරන “දිවා ඉඩමේ වාසනාව”8 වන තරඟයෙන් ජය ලැබු තිදෙනෙකුට ඉඩම් හිමි කර දීම පසුගියදා කොළඹ දී සිදු කෙරිණි. එහිදී පලමු ජයග්‍රාහිකාව වන්නේ අනුරාධපුරයේ සුචිත්‍රා සෙව්වන්දි මහත්මියයි. දෙවන ජයග්‍රාහකයා වන්නේ පන්නිපිටියේ ඩබ්ලිව්.ජේ.ප්‍රනාන්දු මහතා යි.

ඇමැති මණ්ඩලය සංශෝධනය කරයි – වසන්තට රාජ්‍ය ඇමැතිකමක්

නව අමාත්‍යවරු දෙදෙ‍ෙනක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද (29) පෙරවරුවේදී දිවුරුම් දී තිබේ. රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද,

නව ගුවන් හමුදාපති ධුරයට සුමංගල ඩයස් පත් කෙරේ

නව ගුවන් හමුදාපති ධුරය සඳහා එයාර් වයිස් මාර්ෂල් සුමංගල ඩයස් මහතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්වීම කර තිබේ.  එම පත් කිරීම අද (29) ජනාධිපති නිල නිවසේ දී ලබා දී තිබේ.