23 September 2024

සංගීත කණ්ඩායම්වලට සහන ලබාදීමට රජයේ අවධානය

අප්‍රේල් 21දින සිදුවූ ඛේදජනක සිද්ධියෙන් පසු ශ්‍රී ලංකාවේ විවිධ සංගීත කණ්ඩායම් වලට සංගීත සංදර්ශන පැවැත්වීමේ දුෂ්කරතාවය ඇතිවූ හෙයින් ඒ සදහා යම් සහනයක් ලබා ගැනීමේ අරමුණින් එම කණ්ඩායම් වල නියෝජිතයින් පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍යාංශයේදී හමුවී සාකච්ඡා පැවැත්වූහ.

අප්‍රේල් 21 සිදු වු ත්‍රස්ත ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (29) පෙ.ව.8.00ට පාර්ලිමේන්තුවේ දී රැස්වේ.

වෛද්‍ය පරිපාලකයින්ට මාධ්‍ය හමු පැවැත්වීම ගැන දැනුම් දීමක්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ඒකක වල වෛද්‍ය පරිපාලකයින්ට තාක්ෂණික කරුණු හැර වෙනත් කරුණු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරිමට අමාත්‍යාංශ ලේකම්වරයාගේ අවසර ලබාගත යුතු බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

සියළු දෙනා රටේ පොදු නීතියට අවනත විය යුතුයි – කථානායක

තමන් කවර ජාතියකට කවර ආගමකට කවර සංස්කෘතියකට අයත් වුවත් සියළුදෙනා රටේ පොදු නීතියට අවනත විය යුතු බවත් කිසිවෙකුට ආගම හෝ ජාතියට මුවා වී නීතිය නමන්නට හෝ උල්ලංඝනය කරන්නට නොහැකි බවත් කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

වෛද්‍ය ෂාෆි සම්බන්ධ පැමිණිලි විමර්ශනයට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සය පුද්ගල විමර්ශන කමිටුවක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරි ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතා අත්අඩංගුවට පත්වීම සහ ඔහුට විරුද්ධව ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරිම සදහා සය පුද්ගල විමර්ශන කමිටුවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් පත් කර තිබේ.

ගොළුවෝ වගේ හිටියා ඇති – දුමින්ද දිසානායක කියයි

ගොලුවෝ වගේ හිටිය කාලය ඇති බවත් එක රටක් තුළ එක නීතියක් ක්‍රියාත්මක කර අන්තවාදීන්ට යලි හිස ඔසවන්න බැරි ආකාරයට අපේ දරුවන්ගේ අනාගතය ආරක්ෂා වෙන්න රටට අවශ්‍යය සහය ලබා දෙන්න යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් කරන විමර්ශනවලට කිසිදු බලපෑමක් නෑ

වන්ද්‍යකරණ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රටේ ආරක්ෂක තත්ත්වය යහපත් – ජනපති විදෙස් තානාපතිවරුන්ට කියයි

මේ වන විට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සියයට අනූ නවයක් ලෙස සහතික විය හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදෙස් තානාපතිවරුන්ට පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ත්‍රස්ත අභියෝගයට එරෙහි සාර්ථක මෙහෙයුම් පිළිබඳව තානාපතිවරුන් දැනුවත් කිරිමේදිය.

තඹ කර්මාන්ත ශාලාවේ 9 දෙනාට TID ට පෙනි සිටින්නැයි නියෝග

වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඇප නියම වූ සැකකරුවන් 8 දෙනා හා බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙකුට එළැඹෙන 28 දා සිට 1 දා තෙක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනි සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය විවෘත කෙරේ

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සහ ජාත්‍යන්තර ප්‍රමිතියේ තේ ප්‍රවර්ධන මධ්‍යස්ථානය අද (27) විවෘත කිරීමට නියමිතයි. ඒ, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 11.00 ට නුවරඑළියේ දීය.