23 September 2024

ඇමැති රිෂාඩ් ත්‍රස්තවාදයට සම්බන්ධනම් එල්ලුම් ගස් යවන්න සහාය දෙන බව මන්ත්‍රී මනුෂ කියයි

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සම්බන්ධයෙන්, ‌පොලීසිය, හමුදාව හා බුද්ධි අංශ හරහා පරීක්ෂණයක් කිරීමට ආරක්ෂක ඇමැතිවරයා හා ‌පොලීසිය භාර ඇමැතිවරයා වහාම කටයුතු කළ යුතු බවත් ඔහු ත්‍රස්තවාදයට සම්බන්ධ නම් අත්අඩංගුවට ගැනීමට පමණක් ‌නොව එල්ලුම් ගස් යැවීමට සහාය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

අරාබී භාෂා පුවරු වහාම ඉවත් කරන ලෙස ඇමැති වජිරගෙන් නියෝග

රටේ තිබිය යුත්තේ එක නීතියක් බවත් අරාබි භාෂාව අරාබි නීති ෂරීයා නීති මෙරට වලංගු නොමැති බවත් අරාබි අකුරු ගහපු පුවරු සියල්ලම ගලවා දමන්න රාජ්‍ය නිලධාරීන් වහාම කටයුතු කරන ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සේවකයින් බලු – කපුටු ආත්ම ලැබීම වැළැක්වීමට අභ්‍යන්තර විගණනය ශක්තිමත් විය යුතුයි

රජයේ දේපළ, සාංඝික දේපල හොරකම් කරන මිනිස්සු බල්ලන් කපුටන් වෙලා උපදින බව බෞද්ධ සාහිත්‍යයේත්, සිංහල ජනශ්‍රැතියේත් සඳහන් වන බවත් එවැනි පාපකර්මයක් රාජ්‍ය සේවා ජීවිතය තුළ සිදු කරන්න එපා යැයි දකුණු පළාත් අභ්‍යන්තර විගණන නිලධාරීන් 35 කට පත්වීම් ලබා දෙමින් ආණ්ඩුකාරවර රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

ජාතික ආරක්ෂාව ගැන සමාලෝචන සභාව මාසිකව කැඳවීමට ජනපති තීරණය කරයි

සියලු පාර්ශ්වයන්ගේ අදහස් සහ යෝජනා මෙන්ම සහයෝගය ලබා ගනිමින් රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියේ දී එම කටයුතු සමාලෝචනය කිරීමේ සභාවක් මාසිකව කැඳවීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

කුරූණෑගල ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

සැකසහිත ආකාරයකට වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙක් කුරුණෑගල පොලීසිය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අවුරුදු 42ක් වන සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි යන අය වේ.

මුං ඇට රටකජු ගෙන්වීම සම්පුර්ණයෙන් නවත්වනවා – කෘෂිකර්ම ඇමැති

ඉදිරියේදි මුං ඇට ආනයනය සම්පූර්ණයෙන් නවත්වන බව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය වාරි ඉංජිනේරුවන් සමඟ පැවති සාකච්ඡාවකදීය.

ඥානසාර හිමි ජනපති හමුවෙයි !

ජනාධිපති විශේෂ සමාව යටතේ බන්ධනාගාරයේ නිදහස් කිරීමෙන් අනතුරුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (23) රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී තිබේ.

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිතයා අගමැති හමුවෙයි

ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ නියෝජිත වතිකානයේ ප්‍රනාන්දු කාදිනල් ෆිනෝලි හිමිපාණන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (23) පස්වරුවේ කොළඹ, බෞද්ධාලෝක මාවතේ පිහිටි වතිකානු තානාපති නිල නිවසේ දී පැවැත්විණි.

යුද්ධයේ සෑබෑ කතාව අපේ මතු පරපුර දැනුවත් කළ යුතුයි – ජනපති කියයි

වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට පිඩාවට පත්ව ඇති බව විපක්ෂනායක කියයි

පාරවල් වහගෙන යන ප‍්‍රභූන්ට ජනතාවගෙන් එල්ල වෙන විරෝධයෙන් පේන්නේ ජනතාව සිටින පීඩනයේ තරම බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ අද (23) බත්තරමුල්ල නෙලූම්මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති උතුරු නැගෙනහිර පක්ෂ කි‍්‍රයාකාරිකයින්ගේ හමුවකට එක්වෙමිනි.