23 September 2024

එජාපයේ අර්බුධ උග්‍ර වෙයි … පිල් තුනකට කැඩෙයි …

රටේ පසුගිය දිනවල ඇති වු සිදුවීම් හමුවේ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්ණ කිහිපයක් හට ගෙන ඇති බව වාර්තා වේ. එම පක්ෂයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ පක්ෂය මේ වන විට පිල් තුනකට කැඩී ඇති බවයි. මෙම තත්ත්වය හමුවේ ඇතැම් කණ්ඩායම් එජාපයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වීමේදී යම් තීරණයක් ගැනීමට කටයුතු කරනු ඇති.

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරයි.

දුම්රිය ඉතිහාසයේ පෙරළියක් … බහළුම් ප්‍රවාහන ගැල් ලංකාවට(ඡායාරුප සහිතයි)

ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් ඊයේ (16) ආනයනය කර ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

බෙනස් වර්ගයේ ගිලන් රථ 20 ක් රෝහල්වලට

ඔස්ට්‍රියානු රජයේ සහන ණය ආධාර යටතේ බෙන්ස් වර්ගයේ ගිලන් රථ 100 ක් දිවයින පුරා රෝහල්වලට ලබාදීමේ ව්‍යාපෘතිය යටතේ ගිලන් රථ 20 ක් රෝහල්වලට බෙදාදීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (16) පස්වරුවේ සිදු කෙරිණී.

වෙසක් උත්සවය සඳහා උපරීම ආරක්ෂාව දෙන බව පොලිසිය කියයි

වෙසක් උත්සවය සඳහා උපරිම ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙන බව පොලිස් අධිකාරි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඊයේ (16) මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ වෙසක් උත්සවය පවතින දින කිහිපය තුළ කොළඹ ඇතුළු නගරවලට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහාත් රථ වාහන හැසිරවීමේ රාජකාරී සඳහාත් පොලිස් නිලධාරීන් යොදවා තිබෙන බවයි.

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අනුරාධපුරයේදි 23 වනදා සිට

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් ,පාපැදි තරග, ඇවිදීම තරග (කාන්තා/පිරිමි)  අනුරාධපුරයෙ නගරය ආශ්‍රිතව පැවැත්වීමට කටයුතු විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරයි.

අපි ශ්‍රී ලංකීකයින් විදිහට යුතුකම් ඉටු කරන බව ඇමැති කබීර් කියයි

මේ රටට අහිතකර සංස්කෘතින් ඉවත් කල යුතු බවත් මුස්ලිම් අන්තවාදය නැති කිරීමට සියළු මුස්ලිම්වරුන් ශ්‍රී ලංකීකයින් වශයෙන් එක්ව ඇති බව අමාත්‍ය කබීර් හෂිම් මහතා පවසයි. අමාත්‍යවරයා අද (16) පදනම් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ශ්‍රී ලංකීකයින් වශයෙන් රට වෙනුවෙන් කල හැකි යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කරන බවයි.

ඇමැති මංගල හිරු දෙරණ නාලිකාවල වෙලෙඳ දැන්වීම් තහනම් කරයි

හිරු හා දෙරණ රුපවාහිනි මාධ්‍ය ආයතන දෙක සඳහා මුදල් අමාත්‍යංශය යටතේ ඇති වෙළෙඳ දැන්වීම් නතර කරන ලෙස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

විහිළු කරන වේලාවක් නෙමෙයි – අසත්‍ය ප්‍රචාර කළ විශ්වවිද්‍යාල සිසුවාට උසාවියෙන් අවවාද

පසුගිය 13 වැනිදා විදේශ සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක් වී ඇති බවට ව්‍යාජ පුවතක් ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කළ විශ්ව විද්‍යාල සිසුවෙකු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය නියෝග කළාය.

ඇමැති රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය යෝජනාව කථානායකට භාර දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් 64 කින් යුත් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතා වෙත පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් බාර දී තිබේ.