23 September 2024

වයඹ හැර සෙසු ප්‍රදේශ වල ඇඳිරි නීතිය අවසන් – කලහාකාරි තත්ත්වය පාලනයට නීතිය උපරීම

මුළු දිවයිනට බලපැවැත්වෙන පරිදි ඊයේ රාත්‍රි (09) සිට ක්‍රියාත්මක කර තිබු ඇඳිරී නීතිය අද පෙරවරු 06 ට ඉවත් කර ඇති බව පොලිසිය පවසයි. කෙසේ නමුත් වයඹ පලාතට තවදුරටත් ඇඳිරි නීතිය බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

කට කතා වලින් රටක් නවත්වන්න බෑ – ඇමැති නවීන් කියයි

කට කතා වලින් සමාජ මාධ්‍ය වලින් රටක් නවත්වන්න බැරි බවත් නොයෙකුත් අය හදනවා සාමාන්‍ය ජන ජීවිතය ඒ හරහා නවත්වන්න බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා පවසයි.

වැඩ බලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

වැඩ බලන පොලිස්පති ධුරය සඳහා චන්දන දීපාල් වික්‍රමරත්න මහතා පත්කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් යොමුකර තිබූ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වී තිබේ.

ජනපති චීනයට – රුවන්ට වැඩබලන ආරක්ෂක ඇමැති ධුරය

චීනයේ පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරික සංවාදය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ISIS සංවිධානයට රටේ එදිනෙදා කටයුතු කඩාකප්පල් කරන්න දෙන්නේ නෑ – අගමැති

අයි.එස්.අයි.එස්. සංවිධානයට රටේ සංවර්ධනයවත්, ආර්ථික දියුණුවවත්, එදිනෙදා වැඩකටයුතුවත් කඩාකප්පල් කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රාජපක්ෂලා මාධ්‍යයට අත තිබ්බේ නෑ .. මාධ්‍යවේදීන් උස්සන් ගියා – ඇමැතිනි තලතා

මේ බෝම්බ පුපුරවන ජාතික තව්හිද් ජමාද් සංවිධාන හැදුවෙ කව්ද, මේව පැටව් ගැහුවෙ කොහොමද, මේවට මුදල් දුන්නෙ කව්ද, මේවා ඔක්කොම හරි වෙලාවට එලි කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

2019 IPL ශුරතාව මුම්බායි ඉන්දියන්ස් පිළට

ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ 2019 වසරේ ශූරතාව හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්විය. ඊයේ (12) හයිද්‍රාබාද්හී පැවැති අවසන් මහ තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත්කරමින්.

පාසල්වල ප්‍රාථමික අංශ අද සිට ඇරඹේ

රජයේ පාසල්වල ප්‍රාථමික අංශය දෙවන වාරය අදින් (13) ආරම්භ වේ. දෙවන පාසල්වාරය සඳහා 06 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංතිවල අධ්‍යයන කටයුතු පසුගිය 06 වැනිදා ආරම්භ කෙරිණ.

පාසල් වල ආරක්ෂාව තහවුරුයි – අවධානය තවදුරටත් – පොලිසිය

පාසල්වල ආරක්ෂාව තහවුරු කර ඇති අතර දෛනික ජීවිතයේ කටයුතු පෙර පදිරි සිදුකරගෙන යන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. ඒ මහතා කියා සිටියේ 13 වනදා දින යම් සිදු වීමක් ගැන බොහෝ දෙනා අවධානයෙන් සිටින බවත් ඒ පිළිබඳ අවධානයෙන් සිටින බවයි.