23 September 2024

අන්තවාදය වැපුරූ මවුලවි කෙනෙක් කටුනායකදී අත්අඩංගුවට

අන්තවාදී අදහස් සමාජය වෙත මුදා හල සෙට්ටිකුළම ප්‍රදේශයේ පල්ලි වල දේශනා පැවැත් වූ මවුලවිවරයෙකු ඊයේ (11දා) මක්කම වන්දනාවේ ගොස් එමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ත‍්‍රස්තවාදය අවසන් කරනවා – යහපත් සාමකාමි රටක් ගොඩනගනවා – ජනපති

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බලපත්‍ර රහිත පුපුරණ ද්‍රව්‍ය ඇතිනම් පොලීසියට කියන්න දින 3ක්

බලපත්‍ර නොමැතිව ළඟ තබා සිටින පුපුරණ ද්‍රව්‍ය මැයි මස 14 දින උදෑසන 6ට පෙර ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැනුම් දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.  බලපත්‍ර රහිතව හෝ වෙනත් ආකාරයකින් නීති විරෝධීව පුපුරණ ද්‍රව්‍ය ළඟ ඇති පුද්ගලයින් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දීමට අද උදෑසන 06.00 අවස්ථාව ලබා දී ඇත.

ඉන්ධන මිල ඉහලට – මුදල් අමාත්‍යංශය

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. එම නිවේදනයේ සඳහන් වන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 135 ක් බවයි.

සහරාන්ගේ දියණියගේ DNA පරික්ෂාවට අධිකරණයෙන් අවසර

පාස්කු දින බෝම්බ සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහාරාන් හෂීම්ගේ දියණියගේ DNA පරික්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාගැනීම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත අධිකරණය අද (10) අවසර ලබා දුන්නේය.

නව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් එළියට ගෙනිහින් නෑ

වැල්ලම්පිටියේ තඹ කම්හල කිසිදු දෙයක් ඉවත් කර නොමැති බව පොලිසිය පවසයි. TTVnews.lk වෙබ් අඩවිය කළ විමසීමකදී පොලිසිය පැවසුවේ වැල්ලම්පිටිය තඹ කම්හලේ කිසිදු භාණ්ඩයක් පිටට රැගෙන යාමට කිසිවෙකුටත් ඉඩ නොදුන් බවයි. එම කම්හල මේ වන විට සිල් තබා ඇති බව පොලිසිය පවසයි.

අනාගතයේදී මෙවැනි දෙයක් නොවෙන්න වගබලා ගත යුතුයි – අගමැති

මෙරට සෑම ආගමකම ශ්‍රී ලාංකික අනන්‍යතාව අන්තර්ගත වී තිබෙන බවත් එම අනන්‍යතාව අන්තවාදයට විනාශ කර දැමීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා සෑම පියවරක්ම ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“සුළග අප රැගෙන යාවි” රිදී ජුබිලිය සමරයි!

ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා නිර්මානයක් ලෙස බිහිවූ ” සුළග අප රැගෙන යාවි” නුවන් ජයතිලකගේ කුළුදුල් සිනමා නිර්මාණය මේ මස 10 වන දිනට විජයග්‍රාහී දින 50 පසුකරයි.

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් මත අවලංගු කරන්නේ නෑ – ඇමැති වජිර

ජාතික වෙසක් උත්සවය කිසිදු හේතුවක් නිසා අවලංගු නොකරන බවත්. එය සැළසුම් කළ පරිදි හික්කඩුව තොටගමුව රන්පත් විහාරයේ පවත්වන බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.