23 September 2024

21 ප්‍රහාරය සම්බන්ධයෙන් 85 ක් රඳවා ගෙන ප්‍රශ්ණ කරනවා

21 වන දා ප්‍රහාරයට අදාළව සැකකරුවන් 85 දෙනෙකු රදවාගෙන සිටින අතර එයට සහරාන්ගේ බිරිඳ ද ඇතුළත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පරික්ෂණවල තොරතුරු ප්‍රකාශ කිරීම පොලිසියට භාරයි – අගමැති කියයි

පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බවයි.

20 වන සඳුදා රජයේ නිවාඩු දිනයක්

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය සෙනසුරාදා (18) දින යෙදී තිබීමත් පොහොයට පසු දින නිවාඩු දිනය (19) ඉරිදා දිනයක් වීමත් හේතුවෙන් මැයි මස 20 වැනි සඳුදා දින රජයේ නිවාඩු දිනයක් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත තීරණය කළ බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය […]

නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාමට යාන්ත්‍රණයක් ඕන බව ඇමැති හැරිසන් කියයි

කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නව සොයාගැනිම් ගොවින් අතරට ගෙනයාම සඳහා යාන්ත්‍රණයක් අවශ්‍ය බව කෘෂිකර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

කැනඩා රැකියා පෙන්වා මුදල් වංචාකල කත දැලේ…

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව එම කාර්යාංශය පවසයි.

කොන්ද පණ නැතිනම් අයින් කරන්න ලැස්තියි – ඇමැති පාඨලි කියයි

අද රටට අවශ්‍යතාවය නිපුණතාවයත් එක්ක, කුසලතාවයත් එක්ක හැකියාවත් එක්ක මේ රටේ විවෘතව පැතිරී සිටින වෘත්තීයවේදීන්, දේශපාලන බේදයකින් තොරව හැම පක්ෂයකම සිටින පුළුල් එකමුතුවකින් මේ ත‍්‍රස්තවාදය ජයගෙන, මේ රටේ ජනතාවට තමන්ට සුදුසු ප‍්‍රජාතන්ත‍්‍රික විදිහට ඊළඟ ජනාධිපතිවරයා හෝ රාජ්‍ය පාලනය තෝරාගැනීමට ඉඩදීම කල යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

IDA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 70 ක ණය මුදලක්

ප්‍රාදේශීය සංවර්ධන සහායක ව්‍යාපෘතිය (LDSP)සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA)වෙතින් ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 70 ක ණය මුදලක් එකඟතාවය පල කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

රටේ සාමය හා ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශවලට සියළු බලතල ලබා දී ඇති බව අගමැති කියයි

රටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ධ නැතිලු

රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

නාමල් සහ අමිත්ව අත්අඩංගුවට

දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ යන පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.