23 September 2024

මේ ප්‍රහාරය ඇතැම් අය දේශපාලන බංකොලොත්කම වසා ගන්න හදනවා – ජවිපෙ

“අන්තවාදය පැරදවීමට, ජාතික සමගිය ගොඩනැගීමට, මහජන ආරක්ෂාව තහවුරු කිරීමට අපගේ කාර්යභාරය” මැයෙන් දිවයින පුරා දැනුවත් කිරීම් මාලාවක් ක‍්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.

SLPP සහ SLFP සාකච්ඡා 30 වනදාට කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අද (09) දිනත් සාකච්ඡා පැවැත්විය. එම සාකච්ඡාවේ ඉදිරි කටයුතු ලබන 30 වනදා පැවැත්වීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

පාසල් කටයුතු ක්‍රමයෙන් යථා තත්ත්වයට

පාසල් කටයුතු මේ වන විට ක්‍රමයෙන් යථාතත්ත්වයට පත්වෙමින් තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයේ කළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද(09) දිනයේ ළමයින්ගේ පැමිණීමේ වර්ධනයක් ඇති බවයි.

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා මහජනයාට ප්‍රදර්ශනයට

හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් පිරිමි දරුවෙකු ප්‍රසූත කරයි. මව හා දරුවා ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රජ පවුල නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ දින (08) හැරී සහ මේඝන් යුවල සිය කුළුඳුල් දරුවා අද (08) මහජනයාට ප්‍රදර්ශනය සඳහා යොමු කළේය.

1990 සුවසැරිය ඇප් එක දාගෙන ජිවිතයක් බේරාගන්න දායක වෙන්න

1990 සුවසැරිය නවතම ඇප් සේවාව සමග එක්වී ඔබත් ජීවිත බේරාගැනීමේ මෙහෙයුමේ වටිනා කොටස්කරුවෙකු වන ලෙස ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

වැල්ලම්පිටියේ පොලිස් නිලධාරින්ගේ වැරද්දක් නම් දැඩි පියවර – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්ෂාප් අහමඩ් යන අයට අයිති තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 09 දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ඇපදීමට සිදුවීම සම්බන්ධව වැල්ලම්පිටිය පොලිස් නිලධාරීන්ගේ දෝෂයක් ඇතැයි වාර්තා වුන අතර ඒ පිළිබද පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

පටු දේශපාලන පැත්තකින් තබා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දිය යුතුයි – අගමැති

පටු දේශපාලන භේද, මතිමතාන්තර පසෙක තබා පවතින නීති රාමුව තවදුරටත් ශක්තිමත් කර ගනිමින් සියලු දෙනා එකමුතුව ත්‍රස්තවාදයට මුහුණදිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක් රටක් – එක නීතියක් ඇති කළ යුතුයි – මන්ත්‍රී මනුෂ කියයි

විවිධ පුද්ගලයින්ට විවිධ ආකාරයෙන් බලපාන නීති පද්ධතිය ඉවත් කර ඒ වෙනුවට සියලු දෙනාටම බලපාන එක් නීති පද්ධතියක් ගෙන ආ යුතු බවත් එක රටක් – එක නීතියක් යන අදහස ඇතිව කටයුතු කරන්නේ නම් කිසිදු අන්තවාදී ත‍්‍රස්තවාදයකට ලංකාව තුළ හිස එසවිය නොහැකි බවත් මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පවසයි.

ජාතික හැඳුනුම්පත් සඳහා පාසල් අයදුම්කරුවන් කඩිනමින් යොමු කරන්න

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අපේක්ෂකයන්ගෙන් 50%ක් ජාතික හැදුනුම් පත් සඳහා මෙතෙක් ඉල්ලුම් කර නැති බවත් ජාතික හැඳුනුම්පත් සඳහා කඩිනමින් අයදුම්පත් යොමු කරන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව ප‍වසයි.

මම මේ රටේ 6 වන ජනාධිපති.. මීට කලිනුත් බෝම්බ පිපුරුණා – ජනාධිපති

අපි අවුරුදු 30ක් බෝම්බත් එක්ක ජීවත් වූ පිරිසක් කියා බොහෝ අයට අමතක වී ඇති බවත් අප්‍රේල් 21 වන දින සිද්ධිය ලංකාවේ පළමු වතාවට බෝම්බ පිපිරීමක් සිදු වු මෙන් ඇතැම් අය කතා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.