23 September 2024

රට ගිය ඇමති රිෂාඩ් දිවයිනට

කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම හා සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා හා ඕමාන් රාජ්‍යයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය අලි මසූඩ් අල් සුනයිඩි මහතා අතර හමුවක් පසුගිය 05 සහ 06 වෙනි දෙ දින ඕමානයේදී පවත්වා තිබේ.

ගෝලිය ත්‍රස්තවාදය පැරදවීමට සියළු රටවල් සමඟ එක්විය යුතුයි – අගමැති

පාස්තු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ජිවතුන් අතර සිටින සියළු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් සමඟ සම්බන්ධකම් පවත්වන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් තවදුරටත් සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

උපරීම ආරක්ෂාව පාසල් සඳහා දෙනවා – අධ්‍යාපන ඇමැති

ආණ්ඩුවක් වශයෙන් ලබාදිය හැකි උපරිම ආරක්ෂා පාසල් සඳහා ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (7) පාර්ලිමේන්තුවේ දී පාසල්වල ආරක්ෂව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවනන්ද මහතා කල විමසිමකදිය.

බයනම් ගෙදර යන්න…. ලියුම්වලට මම අත්සන් කරන්නම් – ඇමැති අර්ජුන් කියයි

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අයත් ඉඩම් අයථා ලෙස සහ වංචනිකව භාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බියක් ඇත්තේ නම් රාජකාරියට වාර්තා නොකර ගෙදරම නවතින්නැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් සිද්ධීයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලින් පුද්ගලයින් 11 දෙනෙකු අතුරුදන් කළා යැයි සිද්ධියට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හත්දෙනා ලබන 21 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (07) නියෝග නිකුත් කළේය.

ලෝක කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත් වෙයි

අයි.සී.සී, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. ඒ, පෙරවරු 10.20ට පමණ ඩුබායි බලා පිටත්ව ගිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 651 දරණ ගුවන් යානයෙන්.

සියළු අන්තවාදින්ට විරුද්ධව ආණ්ඩුව ක්‍රියා කල යුතුයි – මහලේකම් දයාසිරි කියයි

රටේ මේ වන විට තිබෙන සියළු අන්තවාදින්ට විරුද්ධය ආණ්ඩුව ක්‍රියා කල යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. අද (07) කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මේ වන විට වෙලෙඳ සැල් අධ්‍යාපනය රටේ සියළු දේ අඩපන වී ඇති බවයි.

මැතිවරණය පැත්තකින් තියලා රට ගැන හිතන්න – මන්ත්‍රී දුමින්ද

සියලු පක්ෂ තමන්ගේ පක්ෂ වල තියෙන පුද්ගලික අරමුණු පැත්තකින් තියලා, මැතිවරණ පිළිබඳ තියන බලාපොරොත්තු,ඉලක්කයන් අතහැරලා මේ වෙලාවේ ශ්‍රී ලාංකීය ජාතියක් , එක රටක්, එක නීතියක් කියන සංකල්ලය මේ රටේ ස්ථාපිත කරන්න ඕන යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

රිෂාඩ්, අසාත්, හිස්බුල්ලා, මුජිබර්ට එරෙහිව ජානිපෙන් CIDයට පැමිණිල්ලක්

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ පුද්ගලයින් වහාම ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා විසින් අද (06) දින පරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

රටේ වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳව හෙට (07) සහ අනිද්දා (08) දින විවාදයට ගැනිමට නියමිතයි. කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම අද(06) ප.ව 02.00 ට පැවැත් වු අවස්ථාවේදි මෙම තීරණය ගෙන තිබේ.