23 September 2024

නීතිවිරෝධී ලෙස තබාගෙන ඇති කඩු, කිනිසි, උල්පිහි පොලීසියට භාර දෙන්න

නීතිවිරෝධී ලෙස ළඟ තබා සිටින කඩු, කිනිසි සහ උල් පිහි අද (04) දින සහ හෙට (05) දිනය තුල ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාර දෙන්න ලෙස පොලිසිය දන්වයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීත්‍යානුකූල හේතුවක් ඉදිරිපත් කළ හැකි පිහි සම්බන්ධයෙන් මෙය අදාළ නොවන බවයි.

හිටපු ආරක්ෂක ප‍්‍රධානීන්ගේ වාර්තාව විපක්ෂනායක විසින් ජනපතිට පිළිගන්වයි

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය සහ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගතයුතු පියවර පිළිබඳ යෝජනා ඇතුළත්ව හිටපු ආරක්ෂක ප‍්‍රධානීන් විසින් සකස් කරන ලද වාර්තාවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන් වාර්තාව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පිළිගන්වන ලදී.

මොන තත්ත්වයක් යටතේ වුවත්, විදුලිය අඛණ්ඩව දෙනවා – ඇමැති රවි කියයි

යම්යම් අය කුමන්ත්‍රණශීලීව කටයුතු කරනවා අපගේ කටයුතු කඩාකප්පල් කරන්න නමුත් අපි ආණ්ඩුවක් වශයෙන් ලංවිම අදාළ අංශයන්ට උපදෙස් දීලා තියෙන්නේ මේ කාර්යය නිසි පරිදි ඉටු කරන්න යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

ත්‍රස්තවාදය මෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය කරන බව ජනපති පවසයි

ත්‍රස්තවාදය පරාජය කිරීම ස්ථීර වශයෙන්ම සිදුකරනවා සේම කිසිදු අභියෝගයක් හමුවේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළ දුර්වල නොකරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ISIS ත්‍රස්තවාදය මෙරටින් තුරන් කරන බව අගමැති කියයි

අයි.එස්. අයි.එස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බවත්, ත්‍රස්තවාදී ක්‍රියා සිදුකරන අය හෝ ඊට අනුබල දෙන අය පිළිබඳව තොරතුරු දන්නේ නම් එම තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දෙන ලෙස තමන් ජනතාවගේ ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදයේ හෙද සේවය සදහා දෙවන ශ්‍රි ලාංකික තරුණිය පිටත් වෙයි

ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ඇමරිකාවේ හෙද සේවය සදහා රැකියා අවස්ථාවන් ලබාදීමට ඇමරිකාවේ කර්මා සමාගම සමග ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එරට හෙද රැකියාව සදහා දෙවන ශ්‍රි ලාංකික හෙදිය පසුගිය 11 වනදා ඇමරිකාව ලබා පිටත්ව ගියාය.

ත්‍රස්තවාදය පෝෂණය නොකල යුතුයි – මුනීර් මුනාෆර් මවුලවිතුමා කියයි

අපි ශ‍්‍රී ලාංකිකයින් ලෙස ත‍්‍රස්තවාදය පෝෂණය කරන කරුණු කාරණා ලබානොදිය යුතු බව ජාතික සුරා සභාවේ අනුශාසක මුනීර් මුනාෆර් මවුලවිතුමා පවසයි. මවුලවිතුමා මේ බව පැවසුවේ අප්‍රේල් 21දා ප‍්‍රහාරය සහ එවැනි තත්වයන් යළි ඇති නොවීමට ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශේෂ ඒකාබද්ධ මාධ්‍ය හමුවකදිය.

සහරාන් හෂීම්ලාට මේ රට නැවතත් අතීතයට යවන්න ඉඩ දෙන්නේ නෑ – ඇමැති පාඨලි

ආගමික අන්තවාදීන්ට රට නැවතත් අතීතයට, මධ්‍යතන යුගයට ඇදගෙන යන්න ඉඩ නොදෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කිරිඇල්ල ජනපතිගෙන් බැංකු දෙකක් ඉල්ලයි .. නොදුන් නිසා …. ‍(update)

අත්අඩංගුවට පත් සැකකරුවන් වන්නේ අමාත්‍ය කිරිඇල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය බවත් ඔවුන් මාධ්‍ය අංශය නියෝජනය කරමින් සිටින බණ්ඩාර සහ සම්පත් කුමාර නම් අය වේ.  ජනාධිපතිවරයා සමීපතම පුද්ගලයෙකු පැවසුවේ පසුගිය දිනක ලක්ෂමන් කිරිඇල්ල අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාගෙන් තමාගේ අමාත්‍යංශය යටතට බැංකු දෙකක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි.

ළමයා සහ තරුණයා අර්ථ නිරූපණය කිරීමට අදාළ පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

අවුරුදු 18 දක්වා වු තැනැත්තන් ළමයින් ලෙස අර්ථ නිරූපනය කිරීමට ළමයින් සහ තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීමට හා අවුරුදු 18 සිට 22 දක්වා වු තැනැත්තන් තරුණයින් ලෙස අර්ථ නිරූපණය වන පරිදි තරුණ වරදකරුවන් (පුහුණු පාසල්) පිළිබඳ ආඥා පනතට සංශෝධන ගෙන ඒමට පියවර ගෙන ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.