23 September 2024

කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයන් සැකසේ

මෙරට නිෂ්පාදනය කරනු ලබන කාබනික පොහොරවල නියමිත සංඝටක ඇතිදැයි සොයා බැලීම අනිවාර්යයන්ම සිදුකළ යුතු බවත්, ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නියාමනයක් ක්‍රියාත්මක කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

මුහුදු රළ ගැන අවවාදාත්මක්

පවතින කාලගුණික තත්වය තුළ මැයි මස 02 දින සිට මැයි මස 04 දින දක්වා මන්නාරම සිට කොළඹ, ගාල්ල හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 සිට 3.5 ක් දක්වා (මෙය ගොඩබිමට පැමිණිය හැකි රළ උස නොවේ) ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජපානයේ නව අධිරාජයා ලෙස නරුහිතෝ කුමරු පත් වෙයි

නරුහිතෝ කුමරු , ජපානයේ නව අධිරාජයා ලෙස නිල වශයෙන් වැඩ භාරගැනීම ඊයේ (01) සිදු වු බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ වෙනුවෙන් සාම්ප්‍රදායික උත්සවයක් පවත්වා ඇති අතර නව අධිරාජ්‍යයා පත්වීම පිළිබද ජපාන ජනතාව ප්‍රීති උත්සව පැවැත් වු බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේය.

විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න – ජනපති

කාලගුණ විපර්යාස මත වැසි ලැබුණ ද විදුලිබලය නිෂ්පාදනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ ගොස් නොමැති හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් – අගමැති කියයි

අප සියලූ දෙනා එකට එක්ව වැඩ කරනවා නම්, අපි ජාතිවාදයට නොයනවා නම්, එක් එක් තැන්වල අන්තවාදය හා ප්‍රචණ්ඩත්වයට උදව් කරන අය හඳුනා ගන්නවා නම් මේ ප්‍රශ්නයට සාර්ථකව මුහුණදිය හැකි බවත් ඒ ගැන කිසිඳු සැකයක් තබා ගන්න එපා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලොතරැයි මණ්ඩල අලෙවි කුටි ඉවතට

වර්තමානයේ පවතින වාතාවරණය යටතේ අනවසර ඉදිකිරීම් සමග සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ අලෙවි කුටි නගර සභා, මහ නගර සභා සහ පොලිසිය විසින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝ බව අගමැති මැයි දින පණිඩිවය නිකුත් කරමින් කියයි

සාමය සහ සංහිදියාව තුළින් වැඩ කරන ජනතාවට දිනා ගත හැකි දෑ බොහෝ බවත් මේ තාක් අප විසින් අත්පත් කර ගත් ප්‍රගතිය අන්තවාදී බලවේග මඟින් අඩාල කර දැමීමට ඉඩ නොතබා, අප අවදි මනසින් කටයුතු කරනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නොනිමි අරගලවල වර්තමානය අනාගත සංවර්ධිත මාවත් හෙළි පෙහෙළි කරනු ඇති – ජනපති මැයි දින පණිවිඩය නිකුත් කරමින් කියයි

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාව , ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකඟතා හා නිර්ණායක අනුව සහයෝගයෙන් කටයුතු කරන දේශයක් බව මැයි දින සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

වෙඩි නොවදින වාහනය, කාදිනල් හිමිපාණනෝ ප්‍රතික්ෂේප කරති

තමන්ගේ ආරක්ෂාව වටා රටේ ජනතාවගේ ආරක්ෂාව වැදගත් බවත් වෙඩි නොවදින ආරක්ෂිත තමන්ට ගමන් කිරීමට ලබාදුන් රථය වෙඩි නොවදින එකක් බව දැන ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කළ බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

අපි මිනි මතින් දේශපාලනය කරන්නේ නෑ … මේ ආණ්ඩුව අසමත් – මන්ත්‍රී අනුර කියයි

අපි මළ මිනී මතින් දේශපාලනය නොකරන බවත් වත්මන් ආණ්ඩුව අසමත් බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (30) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.