23 September 2024

ජාතික තව්හීඩ් ජමාත් (NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (JMI) සංවිධාන ශ‍්‍රී ලංකාව තුළ තහනම්

ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස 2019 අංක 01 දරන හදිසි අවස්ථා (විධිවිධාන හා බලතල) නියෝග යටතේ ඇති බලතල ප‍්‍රකාරව ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා විසින් ජාතික තව්හීඩ් ජමාත් සංවිධානය (National Thawheed Jammath – NTJ) සහ ජමාතෙයි මිල්ලතු ඊබ‍්‍රාහිම් ෆි සෙයිලානි (Jamathei Millathu Ibraheem- JMI) සංවිධානය ශ‍්‍රී ලංකාව තුළ තහනම් සංවිධාන ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට […]

දිවයින පුරා අදත් ඇඳිරි නීතිය

අද (27) දින ද රාත්‍රී 10.00 සිට හෙට අළුයම (28) 4.00 දක්වා මුළු දිවයින ම ආවරණය වන පරිදි පොලිස් ඇදිරි නීතිය පැනවෙන බව පොලිසිය පවසයි.

සයින්දමරදු පිපිරීමෙන් 15 ක් මරුට

සයින්දමරදු ප්‍රදේශයේ සිදුවූ පිපිරීම්වලින් පුද්ගලයන් 15 දෙනෙකුගේ සිරුරු සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිවසක සහ ඒ අවට තිබී මෙම මළ සිරුරු සොයා ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකාවට කනගාටුව පල කරමින් චීන තානාපති කාර්යාලය මගීන් පොතක්

ශ්‍රී ලංකාවේ පසුගිය ඉරිදා දින සිදු වු ප්‍රහාරය සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය මගීන් ප්‍රවෘත්ති නිලධාරි විසින් ශෝකය පල කිරීම සඳහා පොතක් එලිදක්වා තිබේ. ඒ සඳහා විවිධ රටවල් නියෝජනය කරමින් තානාපතිවරු 15 ක පමණ ශ්‍රී ලංකාව වෙනුවෙන් ශෝකය පල කරමින් සටහන් කර ඇත.

නියත වශයෙන්ම මෙම ත්‍රස්ත ව්‍යාපාරය මෙරටින් මුලිනුපුටා දමන්න කටයුතු කරනවා – ජනපති

ISIS ත්‍රස්ත ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකාවේ සම්පූර්ණයෙන් නවතා දැමීමේ ශක්තිය මෙරට ආරක්ෂක අංශ සතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ පැවති හමුවක දී ය.

නව අගවිනිසුරු සහ විගණකාධිපති ධුර සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය

නීතිපති ජයන්ත ජයසූරිය නව අගවිනිසුරු බවටත් විගණකාධිපතිධුරය සඳහා අතිරේක විගණකාධිපති ලෙස කටයුතු කළ චූලන්ත වික්‍රමරත්න මහතා පත්කිරීම සඳහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමතිය හිමි වී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් විය.

හේමසිරිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත

ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත. පසුගිය ඉරිදා දින සිදු වු බෝම්බ පිපිරිමේ සිද්ධියට අදාළව විදෙස් මාධ්‍ය වෙත කරනු ලබන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

නිල පුවත් පමණක් පිළිගන්න – රජය විසින් ජනතාවට දැනුම් දෙයි

ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස රජය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ඩ්‍රෝන සහ නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවයි

ඩ්‍රෝන යානා , නියමුවන් රහිත ගුවන් යානා ගුවන්ගත කිරීම තාවකාලිකව අත්හිටුවිමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර ඇත. මේ වන විට රට තුළ උද්ගතවී ඇති ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවිම ක්‍රියාත්මක බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.