23 September 2024

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි මහා සභා රැස්වීමට මුදල් ඇමැති යයි

ආසියානු සංවර්ධන බැංකුවේ 52 වැනි වාර්ෂික මහ සභා රැස්වීමට සහභාගී වීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු දූත පිරිස ෆීජි රාජ්‍ය බලා පිටත්ව ගිය බව මුදල් අමාත්‍යංශය පවසයි. එම රැස්වීම මැයි මස 2 වැනි ද සිට 5 වැනි දා දක්වා පැවැත්වෙයි.

සමාජ මාධ්‍ය වෙත පිවිසිමට බාධා ඉවත් කරන්න – ජනපති

පාස්තු ඉරිදා දින සිදු වු බරපතල ව්‍යසනයන් සමඟ මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසිමට කර තිබු බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩයි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි

‘ෆොනී’සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන බවත් ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි ද මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වෙමින් උතුරට බරව ඊසාන දෙසින් ඉන්දියාවේ ඹරිස්සා වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද දින (30) නිවේදනය කරයි.

රට අකර්මන්‍ය කිරීම ඉඩ නොතබා රාජකාරී කරන්න – ඇමැති වජිර කියයි

ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ රට අකර්මන්‍ය කිරීම බවත් එයට ඉඩ නොදිය යුතු බවත් රජයේ නිලධාරීන් විදියට රටේ ආරක්ෂාව ගැනත් සැළකිලිමත් වෙමින් සාමාන්‍ය කටයුතු නිසි පරිදි පවත්වාගෙන යා යුතු බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ආරක්ෂක ලේකම් ලෙස ශාන්ත කෝට්ටේගොඩ පත් කෙරේ

නව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතාව, මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. මෙම පත් කිරීම අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

වැඩබලන පොලිස්පති ලෙස සී.ඩී.වික්‍රමරත්න… එන්.කේ. ඉලංගකෝන්ටත් පත්වීමක්

නීතිපති ජයන්ත ජයසූරීය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර තිබේ. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේ වෙලාවේ පටු දේශපාලන වාසි ගන්න එපා – ඇමැතිනි තලතා

මුළු ශරීරයම ආවරණය වන පරිදි අඳින ඕනෑම දෙයක් , ඇදුමක් තාවකාලිකව තහනම් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාත් අමාත්‍ය මණ්ඩලයේ කිසිදු අමාත්‍යවරයෙක් විරෝධතාවයක් නොකළ බවත් මේ පිළිබදව මුස්ලිම් පූජකතුමන්ලා දැනුවත් කරන ලෙස ඉල්ලීමක් පමණක් සිදු කළ බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

මුහුණ ආවරණය කිරීම අද සිට තහනම්

ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි මෙරට තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියලුම ආකාරයේ මුහුණු ආවරණ භාවිතය වහාම ක්‍රියාත්මක වන පරිදි අද (29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ඉරුදින දේව මෙහෙයට ජනපති ,අගමැති සහ විපක්ෂනායක එක්වෙයි

දෙවියන් වහන්සේගේ නාමයෙන් තවත් අයෙකුව නැසීමට හැකියාවක් නොමැති බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. හිමිපාණන් මේ බව පැවසුවේ අද (28) පෙරවරුවේ පැවති ඉරුදින දේව මෙහෙය වෙත එක්වෙමින්.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සැකකරුවන් දෙදෙනෙක් නාවලපිටියේදී අත්අඩංගුවට

පාස්කු ඉරිදා බෝම්බ පිපිරවීම්වලට අදාළව සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඒ, මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් හා මොහොමඩ් ඉවුහයිම් ශාහිඩ් අබ්දුල්හක් යන අය බව පොලිසිය පවසයි.