23 September 2024

හදිසි නීති ‌‌රෙගුලාසි සම්මත වෙයි

හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට අදාළ රෙගුලාසි අද (24) පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත විය. රට තුළ පවතින ආරක්ෂක තත්ත්වය අනුව හදිසි නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේය.

ජනපති සර්ව පාක්ෂික සමුළුවක් කැඳවයි

රටේ මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් හා මේ පිළිබඳ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හෙට (25) පෙරවරුවේ කැඳවා තිබේ.

මෛත්‍රිට මෙරටට අවශ්‍ය නායකත්වය දෙන්න බැරි බව ඔප්පු වුණා – අතුරලියේ රතන හිමි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වත්මන් ජනාධිපතිවරයා ලෙස පත් කළේ ඔහු ස්වාධීනව මෙරටට පාලනය කරවි යන අපේක්ෂාවෙන් බවත් මේ වන විට ඔහු කටයුතු කරන ආකාරය පිළිබඳ කනගාටුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් පවසයි.

ජනපති දුර්වලනම් ආණ්ඩුව ඉබේම දුර්වලයි – ෆිල්ඩ් මාර්ෂල් ෆොන්සේකා කියයි

බුද්ධි අංශය අයත්වන්නේ ආරක්ෂක ලේකම්වරයා යටතේ බවත් යම් ආකාරයකින් බුද්ධි අංශ ප්‍රධානියා විසින් යොමු කරන ලබන ලිපියක් ආරක්ෂක ලේකම්වරයා වෙතත් ජනාධිපතිවරයා වෙතත් යොමු වන වැඩපිළිවෙලක් ඇති බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

23 වන ආසියානු මළල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට මීගමුවේ පදිංචි විදුෂා ලක්ෂානි සමත්වු ඇත. දෝහා කටාර් හි පැවැත්වෙන මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකාවට හිමිවූ ප්‍රථම පදක්කම මෙය වේ.

බුද්ධි අංශ මෙහෙයවන්නේ කවුද? ඇමැති කිරිඇල්ල ප්‍රශ්ණ කරයි

මෙරට බුද්ධි අංශය මෙහෙයවන්නේ කවුරුන් විසින් යන්න පිළිබඳවත් ‌ ‌ ‌ ප්‍රහාරය සම්බන්ධයෙන් බුද්ධි අංශ දැන්වත් සිටිය ද රටේ ජනාධිපතිවරයාට ‌ ‌ෙහෝ අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමක් සිදු නොකලේ මන්දැයි අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රශ්ණ කර සිටි. 

හදිසි නීති රෙගුලාසි පිළිබඳ විවාදය අදයි

හදිසි නීතියට අදාළ රෙගුලාසි පිළිබඳව නිකුත්වීමට නියමිත ගැසට්පත්‍රය ඊයේ දින (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ සම්බන්ධයෙන් අද දින(24) පාර්ලිමේන්තුව කැඳවා පෙරවරු 10 සිට පස්වරු 04.00 දක්වා විවාදයට ගැනීමට නියමිත බව කතානායක කාර්යාලය පවසයි.

රාජ්‍ය ඇමැති විදිහට තමාවත් දැනුවත් කිරීමක් නෑ – රාජ්‍ය ඇමැති රුවන්

පසුගිය ඉරිදා දින දේවාස්ථාන වෙත එල්ල වු ප්‍රහාර පිළිබඳ බුද්ධි අංශ දැනුවත්ව සිටි බවට මේ වන විට තහවුරු වී ඇති නමුත් අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන තමාට එම බුද්ධි අංශ වාර්තා කිසිවත් ලැබී නොමැති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

මෙරට ප්‍රහාරවල වගකීම IS සංවිධානය භාර ගනි

කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන 08 කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන ඇති බව එම සංවිධානයට සම්බන්ධ AMAQ news agency උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය පවසයි.

ජ.වි.පෙ.ට අවලාද නැගීම ගැන JVP නිවේදනයක්

ම්ලේච්ඡ ක‍්‍රියා අනුමත නොකරන බවත් විනයගරුක හා වගකීමෙන් කටයුතු කරන පක්ෂයක් බවත් කුහක නොවන හෘදයසාක්ෂියක් ඇති සියලූ දෙනාම දන්නා කරුණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.