23 September 2024

කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ජනපති නිරීක්ෂණ චාරිකාවක

පසුගියදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ කටයුතු සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (23) උදෑසන එම දේවස්ථානය වෙත ගියේය.

කුරිරු බලවේග මුලිනුපුටා දැමීමට එකම ජාතියක් ලෙස එක්වන්න – කථානායක

පසුගිය 21 වනදා දිවයින පුරා ඇති වු ඛේදනීය සිදුවීම සිදු කළ කුරිරු බලවේග අපගේ මාතෘභූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස එක්සත්ව ගතහැකි උපරිම සහ දැඩි පියවර ගැනීමට නොපසුබට විය යුතු බවට අවධාරණය කළ යුතු බව කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

මිය ගිය අයගේ මෘත ශරීර හදුනා ගැනීමට පැමිණෙන්න

පසුගියදා ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයීන්ගේ මෘත ශරීර විශාල සංඛ්‍යාවක් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පිහිටි මෘත ශරීරාගාරයේ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හදුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා පවසයි.

පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කෙරේ

2019 වසරේ පළමු පාසල් වාර නිවාඩුව අප්‍රේල් මස 28 වැනි දින දක්වා දීර්ඝ කර ඇති අතර, ඒ අනුව දෙවැනි පාසල් වාරය සඳහා රජයේ සියලු පාසල් අප්‍රේල් මස 29 වැනි සඳුදා දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්න – අගමැති උපදෙස් දුන් බව ඇමැති වජිර කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස් අනුව සියලුම දිසාපතිවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කයන්හි ආරක්ෂක කමිටු කැඳවා වහාම ආරක්ෂාවට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන් බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

මිය ගිය සංඛ්‍යාව 310 දක්වා ඉහළට – පොලිසිය

පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගල සංඛ්‍යාව 310 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මේ අතර එම පිපිරිම්වලින් තුවාල ලැබුවන් 500ක් සිටින බව බව වාර්තා වේ.

කොච්චිකඩේ පල්ලිය ළඟ තවත් පිපිරීමක්

කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ වෑන් රථයක තිබී තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියා සිටියේ සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කරමින් සිටි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවයි. එහි අවට ජනතාව ආරක්ෂක අංශ විසින් ඉවත් කර තිබේ.

පිපිරිම්වලින් මිය ගිය සංඛ්‍යාව ඉහළට

පිපිරීම් හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම සිදුවීම තුළින් තුවාලකරුවන් 500ක් වැඩි ප්‍රමාණයක් සිටින බවයි.

ඇඳිරි නීතිය ඉවත් කරයි

දිවයින පුරා ක්‍රියාත්මක පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද(22) පෙ.ව 6.00 ඉවත් කළ බව බව මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. දිවයින පුරා දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයවලින් අනතුරුව පොලිස් ඇඳිරි නීතිය දිවයින පුරා ක්‍රියාත්මකට කිරීමට ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අංශ වෙත උපදෙස් දීමෙන් අනතුරුව ඇඳිරි නීතිය පැනවිය.

මිය ගිය අහිංසක ජීවිතවලින් දේශපාලන වාසි ගන්න එපා – ඇමති මංගල

පාස්කු ඉරිදා උදෑසන කතෝලික පල්ලි කිහිපයකටත් ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කිහිපයකටත් එල්ල කරපු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර රජයේ මුදල් ඇමැතිවරයා ලෙස ඉතාමත්ම පිළිකුල් සහගත හෙළා දකින බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.