23 September 2024

සමාජ ජාල තාවකාලිකව අත්හිටුවයි

පවතින තත්ත්වය හේතු කොට ගෙන සමාජ ජාල වෙබ් අඩවි තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගෙන තිබේ. සමාජ ජාල මගින් අසත්‍ය තොරතුරු මෙන්ම කටකතා පැතිර වීම වැළැක්වීම අරමුණ ඇතිව මෙම අත්හිටුවීම සිදු කර තිබේ.

දෙහිවල සත්වෝද්‍යානය ළග හෝටලයක පිපිරීමක් – දෙදෙනෙක් මරුට

දෙහිවල ප්‍රදේශයේ සත්වෝද්‍යානය අසල හෝටලයක මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය පවසයි. මේ වන විට පොලිස් නිලධාරීන් පිටත්ව ගොස් ඇත. පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

පිපිරිම් 6 යි – 138 ක් මිය යයි – තුවාලකරුවන් 400 වැඩියි

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වන විට තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා තිබේ.

ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින්න – පොලිසිය නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

පිපිරීම් සිදුවූ ස්ථානය අවට නිරික්ෂණය සඳහා ඩ්‍රෝන කැමරා භාවිතයෙන් වළකින ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා දැනුම් දීමක් කර සිටි. තුවාලකරුවන් ප්‍රතිකාර ලබා දීම මේ වන විට සිදු කරමින් සිටින අතර, ජාතික රෝහලට තුල දැඩි තදබදයක් පවතින බවත් එම දර්ශන නැරඹීමට ඔවුන්ගේ ඥාතීන්ට හා අනෙක් පිරිසට රෝහල් වෙත පැමිණීමෙන් වළකින ලෙසත් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් […]

සියළුම පාසල් හෙට අනිද්ද නිවාඩු – අධ්‍යාපන ඇමැති

හෙට (22) සහ අනිද්දා (23) දිනයන්හි සියළුම පාසල්වලට නිවාඩු දී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. දිවයින පුරා ඇති වු පිපිරිම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසිය.

පිපිරිම් ගැන හොයන්න ආරක්ෂක අංශ කටයුතු කරනවා – ජනපති

අද(21) උදෑසන දිවයින පුරා සිදුවු පිපිරීම් දැඩි ලෙස හෙලා දකින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ මෙම ඛේදවාචයක ගැන තමා දැඩිව කම්පනයට පත්ව ඇති බවයි.

කලබල නොවන්න – සන්සුන්ව විමර්ශනවලට සහාය දෙන්න – රජය ජනතාවගෙන් ඉල්ලයි

දිවයින පුරා අද (21) දින ඇති වු පිපිරිම් සම්බන්ධයෙන් මේ වන විට ආරක්ෂක අංශ විසින් විමර්ශන කටයුතු සිදු කරමින් පවතින අතර ඒ සඳහා ජනතාවගේ සහාය ලබා දෙන ලෙස රජය ඉල්ලා සිටි. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අසත්‍ය ප්‍රචාරවලට නොරැවටී අදාළ විමර්ශනවලට සහාය ලබා දෙන ලෙසයි.

වසර අගදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට කොටස විවෘත කෙරේ

දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා වු කොටස මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බවට මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. එම අධීකාරිය කියා සිටියේ මෙහි සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 96ක් වන අතර එය අදියර 04ක් යටතේ ඉදිකර තිබෙන බවයි.

චන්දිමාල් ඉන්න ඕන ක්‍රිඩකයෙක් … ඇමැති අර්ජුන කියයි

චන්දිමාල් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවීම විශාල පාඩුවක් බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (19) උදෑසන ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහනට එක් වෙමිනි. මව්රට සංවිධානය ඉදිරිපත් කළ එම ප්‍රජා සත්කාරක වැඩසටහන කඩවත දළුපිටිය ශාක්‍ය සිංහාරාමයේදී පැවැත්විණ.

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු මාරුවීම ගැන පරීක්ෂණයක්

කළුතර මහ රෝහලේ දී මළ සිරුරු 05 ක් ඥාතීන්ට බාරදීමේ දී මළ සිරුරු මාරු වී බාරදීම පිළිබදව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට නියෝග ලබා දි ඇත.