22 September 2024

ගාල්ල දෙවට ප්‍රදේශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කරයි

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේතුව විසින් ගාල්ල දෙවට ප්‍රෙද්ශයේ අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා සහභාගී වි තිබේ.

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

නව අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස මහාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න මහතා ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

මේක විපක්ෂය නැතිවෙන අයවැයක් – ඇමැති රවි කියයි

මේක මැතිවරණ අයවැයක් කියලා විපක්ෂය කිව්වත්, මේක විපක්ෂය නැතිවෙන අයවැයක් බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

උතුරු නැගෙනහිර සංවර්ධනයට මෙවර අයවැයේදී අවධානය යොමු වීම ගැන සතුටුයි

උතුරු නැගෙනහිර සංවර්ධනයටත්, යුද්ධයෙන් අවතැන්වූ ජනතාව නැවත පදිංචිකිරීමටත්, මෙවර අයවැයේදී අවධානය යොමු කිරීම පිළිබඳව ආණ්ඩුවට ස්තූතිවන්ත වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචිකිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ලොකු සද්ද නෑ වැඩ ඉවරයි – ඇමැති පාඨලි

2020 වන විට නිවාස 20,000ක වැඩ අවසන් කරන බවත් ඒ වගේම 2024 වන විට ලෑලි පෙට්ටිවලින් හදපු කිසිම පැල්පතක් නැති ශක්තිමත් නිවාසයක හිමිකාරයෙකු බවට පත් කිරීමට බලාපොරොත්තු වන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි – මුදල් ඇමැති කියයි

ඇතැමුන් වැරදි ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන පරිදි මැතිවරණ අයවැයක් නොවන බවත් මෙය පසුගිය වසරේ ආරම්භ කළ දිගුකාලීන සංවර්ධනය ඉලක්ක කර ඇරඹූ අයවැයේ තවත් දිගුවක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

තිලංගගේ නිව්ස් එක නිසා මාධ්‍ය නිලදාරියාගේ වැඩ තහනම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වු බවට නිකුත් කළ මාධ්‍ය නිවේදන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමනාකරුට මේ වන විට සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත් කරන බව වාර්තා වේ.

අයවැය සජීවි විකාශය

2019 වසර සඳහා අයවැය යෝජනාව මේ වන විට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරයි. එම විකාශය සජීවිව නරඹන්න.

මුදල් ඇමැති අයවැය ඉදිරිපත් කරයි (updata)

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසර සඳහා වු අයවැය ඉදිරිපත් කරයි.  ත්මන් රජයේ පස්වන අයවැය වන මෙය වන අතර 24 වන මුදල් අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි. 

පළාත් සභා ඡන්දය පවත්වන්න – මාර්තු 12 ව්‍යාපාරය ඉල්ලයි

දිනෙන් දින ප‍්‍රමාද වන පළාත් සභා ඡන්ද විමසීම වහා පවත්වන ලෙස රජයට බලකිරීමේ වෑයමට අමතරව තවත් එක් සුවිශේෂී මැදිහත්වීමක් සිදුකිරීමට මාර්තු 12 ව්‍යාපාරය තීරණය කර තිබේ.