22 September 2024

කැමැති දේ ඉටු වුණේ නැති වුණාහම විවේචන කරනවා – ඇමැති හකීම් කියයි

නමුත් අවුරුදු 04ක් ගියාටත් පස්සේ කඩිමුඩියේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට යන්නේ තමන්ගේ පෞද්ගලික දේශපාලන උවමනා එපාකම්වලට අනුව බව නගර සැලසුම් ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.

ජනතාවට ශක්තිය හා දුප්පතුන්ට රැකවරණය දෙන අයවැයක්…

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද ( 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

හෝමාගම මුලික රෝහලේ දැඩිසත්කාර ඒකකය නවීකරණයට මුදල් පරිත්‍යාගයක්

හෝමාගම මුලික රෝහලේ දැඩ්සත්කාර ඒකකයේ නව ඉදිකිරිම් සහ සංවර්ධන කටයුතු සදහා සිලෝන් බිස්කට් සමාගම සහ බමුණුආරච්චි පදනම විසින් රුපියල් මිලියන 9 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීම පසුගියදා සිදු කර තිබේ.

අවස්ථාවේදී නගින්නම් …. දැන්ම කල් වැඩියි ….. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි

දේශපාලන වේදිකාවලට නැගීමට තමාට මෙතෙක් ආරාධනා කර නොමැති බවත් දැන්ම එවැනි දේ සඳහා සහභාගී වන්න කල් වැඩි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා අද (04) කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්ණ පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ තමාට 8 වනදා වේදිකාවට නැගීම සඳහා ආරාධනා මෙතෙක් ලැබී නොමැති බවයි.

විමල් , මහින්ද කඳවුරෙන් ඉවත් වෙයි….?

මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක‍්‍රමය එපා’ කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස මොහොතක්වත් ප‍්‍රමාද නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

2019 වසර සඳහා අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා වන අයවැය යෝජනාව හෙට (05) පස්වරු 02 ට මුදල් මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ අනුව 2019 වසර සඳහා ඇස්තමේන්තු කර ඇති සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4470ක්. අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8%ක් බවයි මුදල් අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

අපි බොරුවට බෙර ගැහුවේ නෑ – අගමැති

වත්මන් ආණ්ඩුව බොරුවට බෙර ගැසුවේ නැති බවත් නිහඩව කටයුතු කළ බවත් ජනතාවට අදාළ ප්‍රතිඵල ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ” ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 200 සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය පසුගිය (01) වැනිදා කුලියාපිටිය, නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති අවස්ථාවේදිය.

යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති සමඟ ඇමැති රාජිත සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඔක්සිජන් සැපයිම සහ ප්‍රතිශක්තීකරණ පාන වර්ගවලට වර්ණ සංකේත ක්‍රියාත්මක කිරීම පිළිබදව යුරෝපා සංගමය සහ ජර්මනියේ තානාපති හා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අතර සාකච්ඡාවක් පසුගිය දා පැවැතිණි.

ඇමැති මංගල අයවැය සකසයි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ලබන 05 වනදා ඉදිරිපත් කිරීමට නියමිත 2019 අයවැය ලේඛනයේ අවසන් කටයුතු පානදුර ගොරකානේ පිහිටි ”දේදුනු අන්තය’ (Rainbows End) ඔහුගේ පෞද්ගලික නිවසේ සකස් කරමින් සිටි.

ශ්‍රී ලංකාවේ එල්.එන්.ජී බලාගාර ඉදිකිරීමට චීන රජයේ සහයෝගය

ශ්‍රී ලංකාව විදුලි නිෂ්පාදනය සහ විදුලිබල සැපයුම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමක පවතින බවත්, තවදුරටත් විදුලිබල ක්ශේත්‍රය වර්ධනය කිරීම පිණිස එල්.එන්.ජී. බලාගාර තාක්ෂණය පිළිබදව සහයෝගය ලබාදීමට චීන රජය වෙනුවෙන් තමා එකගවන ​බව චීන ජනරජයේ තානාපති, Cheng Xueyuan මහතා පවසයි.