22 September 2024

මහා ශිවරාත්‍රී දිනය වෙනුවෙන් උතුරේ පාසල් 5 වනදා වසාදමයි

ලබන සඳුදා දිනට යෙදී ඇති මහා ශිවරාත්‍රී දිනය නිමිත්තෙන් 05වනදා දිනයේදීත් උතුරේ සියලුම පාසල් වෙතට නිවාඩු ලබා දීමට පියවර ගෙන ඇති බවට උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කරයි.

ගුවන් හමුදාව මව්බිම වෙනුවෙන් කල සේවය අනුපමේයයි – ජනපති කියයි

වසර 68ක කාල පරාසයක් මුළුල්ලේ මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනු වස් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ සේවය අනුපමේය බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ලාල් කාන්ත 14 දක්වා රිමාන්ඩ්

බීමතින් රිය අනතුරක් සිදුකිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල්කාන්ත ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරිය අද (02) නියෝග කර තිබේ.

පොලිස් නිලධාරීන්ගේ දුක් අහන්න කමිටුව යළි

පොලිස් නිලධාරීන්ගේ දුක් ගැනවිලි විමසා බලා විසඳුම් ලබාදීමේ තවත් විශේෂ හමුවක් ලබන 5 වනදා පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී එච්.එම්.පී. හිටිසේකරගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල – සුහුරුපායේ පිහිටි නීතිය හා සාමය පිළිබඳ අංශ පරිශ්‍රයේදියි.

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක්

මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ නඩු විභාග කිරීම සදහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි. ඒ පිළිබද තමා ඉදිරි කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ප්‍රියංකර රත්නායක තවලම්කාරයෙක් වෙයි

සිනමාව, වේදිකාව, පුංචි තිරය ජයගත් ප්‍රවීන රන්ගන ශිල්පියෙක් වන ප්‍රියන්කර රත්නායක තවලම්කරුවෙක් විදිහට ජීවත් වෙන්න පටන් අරන්ලු. ඒ, මී මුරේ වෙසෙන අවසන් තවලම් කන්ඩායම එක්කලු දැන් සිය පව්ලත් එක්කම ජීවත් වෙන්නේ.

ඇමැති අර්ජුන මහ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනී…

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

අලි පැටවෙකු ළග තබා ගැනීමේ නඩුවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන් නිදහස්

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබා ගත් බව කියන සිද්ධියට අදාළ චෝදනාවෙන් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (01) නියෝග කර තිබේ.

ඩිජිටල් ආර්ථිකය හරහා ආදායම වැඩිකල යුතුයි – අගමැති

රටේ විශාල ණය බර ගෙවීම සඳහා ආදායම වර්ධනය කර ගත යුතු වන අතරම ඩිජිටල් ආර්ථිකය හරහා රටේ ආදායම වර්ධනය කරගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානය ජනපතිගේ නිරීක්ෂණයට

මහවැලියට අයත් සියලූ ප්‍රධාන වේලි හා ජලාශ පාලනය කිරීම සදහා පොල්ගොල්ල ජලාශ පරිශ්‍රයේ ඉදිකෙරුණු නවීන මෙහෙයුම් මධ්‍යස්ථානය ඊයේ (28) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණට ලක් විය.