22 September 2024

දේශපාලඥයෙක් වුණාම චරිත ඝාතනවලට ලක් වෙනවා – ඇමැති රවි

විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හිගවීමක් මේ සියල්ලක්ම මුසාවක් බවත් ප්‍රශ්න තිබෙන නමුත් අපි ඒ අභියෝග බාරගෙන, නිර්භීතව කටයුතු කරන බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එයාලා බයයි … තියන්නේ ජනාධිපතිවරණයයි …! විපක්ෂ නායක මහින්ද කියයි

වත්මන් ආණ්ඩුව ඒ අයගේ දුෂණ වංචා සම්බන්දයෙන් කතා නොකරන බවත් ජනාධිපතිවරයාම පවසා ඇත්තේ හොරු ඉන්න ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල විවෘත කෙරේ

කොළඹ සුගතදාස එළිමහන් ක්‍රිඩාංගණ පරිශ්‍රයේ Block D හි ස්ථාපිත කෙරුණු ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ නව ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (28) පෙරවරුවේ විවෘත කෙරිණි.

කුහක අදහස් නැති හොඳ දේවල් නතර වුණා – ඇමැති කිරිඇල්ල කියයි

මහනුවර නගරයේ පවතින අධික රථවාහන තදබදයට විසදුමක් ලෙසට ඉදිකිරිමට යෝජිතව තිබු දෙයියන්නේවෙල සිට තැන්නේකුඹුර දක්වා වු උමං මාර්ග ව්‍යාපෘතිය අතරමග නතරවූයේ ආණ්ඩුවේම සමහරුන්ගේ කුහක අදහස් නිසා බව ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය අධීනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වී මිල ඉහල දැමීමේ සූදානමක් … අමාත්‍ය පී හැරිසන්

ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුර නොච්ච්යාගම හැලඹෑව වී ගබඩාව ජනතා අයිතියට පත්කරමින්.

මෛත්‍රිට වඩා කෑ ගැහුවේ රනිල් ..! ජවිපෙ අනුර කියයි

2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනටත් වඩා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කෑමොර දුන්නේ රනිල් වික‍්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

බර්ටි දිසානායක රංග ශාලාව හිටපු ඇමැති දුමින්දගේ නිරික්ෂණයට

ජනතා අයිතියට පත් කිරීමට නියමිත අනුරාධපුර බර්ටි දිසානායන රංග ශාලාව හා පුහුණු ආයතනයෙහි ඉදි කිරිම් කටයුතු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා විසින් පසුගියදා නිරීක්ෂණය කරනු ලැබීය.

ඇමැති මංගලගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 යි

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පාර්ලිමේන්තු දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය අද (28) පස්වරු 3.00 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ලංකා සීනි සමාගමේ නව සභාපති රජිව් සෙනවිරත්ත පත් කරයි

ලංකා සීනි සමාගමෙහි නව සභාපති ලෙස රජිව් සෙනවිරත්න මහතා සහ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ගාමිණී විජයරත්න මහතා පත් කර තිබේ. අදාළ පත්වීම් ලිපි ඊයේ (27) දින වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා අතින් ලබා දී තිබේ.

මෙරට නිෂ්පාදිත මුල්ම මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනපතිට පිළිගන්වයි

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.