22 September 2024

පොලිටිකල් අයින් කරන්න ඕනෑ බව අගමැති කියයි

පොලිසිය ස්වාධීන කර මත්ද්‍රව්‍ය මර්ධන වැඩසටහනින් දේශපාලනය ඉවත්කළා සේ ක්‍රීඩාවෙන්ද දේශපාලනය ඉවත් කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

යාන්ත්‍රික කියත් ලියාපදිංචිය හෙටින් අවසන්

මෙරට භාවිත කරන යාන්ත්‍රික කියත් (Chainsaw machines) ලියාපදිංචි කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (28) අවසන් වන බව ආරක්‍ෂක අමාත්‍යංශය නිවේදනය කරයි.

වැනෙන් නැති ආණ්ඩුවක් … 2020 දී අලුත් ජනාධිපති කෙනෙක් … ඇමැති පාඨලි චම්පික

ඉදිරියේදී වැනෙන් නැති ආණ්ඩුවක් අවශ්‍ය බවත් මේ වසරේ ඔක්තෝම්බර් මාසේ 5 වෙනිදායින් පස්සේ ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වරද පිළිගත් සනත්ට වසර 02 ක තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගත් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරියට වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

හේමසිරි “The Viceroy Special” භාරත තෙන්නකෝන්ගේ අනුවාදයක් ලෙස එළිදක්වයි

හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් රචිත ද වයිස්රෝයි ස්පෙෂල් කෘතියේ සිංහල අනුවාදය, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්ගේ නිර්මාණයක් ලෙස ලබන මාර්තු මස 6 වැනිදා පස්වරු 3.30ට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජස්මින් කමිටු ශාලාවේදී එළිදැක්වීමට නියමිතයි.

පාසල් සඳහා ඇමති රිෂාඩ්ගෙන් සමූපකාර අලෙවිසැල්

පාසල් සමූපකාර සමිති සඳහා සමූපකාර අලෙවිසැල් (CO-OP Shop)පිහිටුවීම සඳහා උපකරණ හා මූල්‍ය ආධාර පිරිනැමීමේ උත්සවය අද (26) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ වෝක්ෂෝල් වීදීය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

සංවර්ධනය වේගවත් කරන්න අගමැති දිස්ත්‍රික් ලේකම්වරු කැඳවයි

රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ප්‍ර‍ජාතන්ත්‍රවාදය බිද වැටීමේ අමිහිරි පරිච්‍ඡේදයක් ඉතිහාසට එක් නොවීම භාග්‍යක් – කථානායක

“බමුණුකුලයේ බිද වැටී‍‍ම” ග්‍රන්ථය රචනා කරමින් මෙරට දේශපාලන චින්තනයට ප්‍රභල බලපෑමක් කළ හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් වර්තමානයේ ජීවතුන් අතර සිටියේ නම් මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳවැටීම පිලිබඳව පසුගිය සිදුවීම් අලලා අනාගතයට පාඩම් ඉගෙන ගත හැකි අපූර්වතම කෘතියක් රචනා කරනු ඇති බව ද කෙසේ හෝ අවසන් මොහෙතේ දී ප්‍රජාතන්ත්‍රවාදය ජය ගැනීම භාග්‍යයක් බව ද කථානායක කරු ජයසූරිය […]

බැඳුම්කර වංචා වාර්තාව කෝ? ජනතා උද්ඝෝෂණයක් හෙට

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට වූයේ කුමක්දැයි හෙළි කරන ලෙස බලකරමින් දූෂණ විරෝධි හඬ සංවිධානයේ නායකත්වයෙන් යුතු ජනතා උද්ඝෝෂණයක් හෙට (27) දින පස්වරු 3.00 ට ජනාධිපති ලේකම් කාර්යාලය (කොළඹ 01) ඉදිරිපිටදී පැවැත්වේ.

අඩු කරනවා නෙමෙයි මම නැති කරනවා – ඇමැති රවි කියයි

ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න හොදම මාර්ගය තමයි විධායක ක්‍රමය අහෝසි කිරීම බවත් මහානායක ස්වාමීන්වහන්සේලා දෙනමත් පවසන්නේ, රටට ගැලපෙන ආකාරයට යම් වෙනසක් සිදුවෙනවානම් එය වියයුතු යැයි බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.