22 September 2024

ආණ්ඩුව ගත්ත දවසේ ඉදන් අභියෝගවලට මුහුණ දුන් බව ඇමැති කබීර් කියයි

  2015 වසරේ ආණ්ඩු බලය භාර ගන්නේ අභියෝග රැසක් සමග බවත් රජයක් විදිහට එම අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට අපට ශක්තිය තිඛෙන බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

දේශපාලන කුමන්ත්‍රණ සහ රඟපෑම් ගැන ඇමැති රාජිතගෙන් හෙළිදරව්වක්

කාබන් බද්ධ අද ප්‍රශ්නයක් වී ඇති බවත් කාබන් බද්ධ පනවා ඇත්තේ ජනාධිපතිවරයා යටතේ ඇති පරිසර අමාත්‍යාංශයෙන් නමුත් ජනතාවගෙන් බැනුම් අහන්නේ රජයේ අපි බවත් මෙය දේශපාලන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පහර ගැසීමෙන් වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වීමක් බව අගමැති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කරන ඓතිහාසික නීතියක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ආණමඩුව දිසා රෝහල මූලික රෝහලක් බවට පත්කිරීමේ සමරුඵලකය නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න එපා – මන්ත්‍රී ඉෂාක් කියයි

අපි වගේ හොරුන්ට දරුවන් ලවා වන්දවන්න පුරුදු කරන්න එපා ලෙසත් විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට වදින්න පුරුදු කළාට කමක් නැති බවත් අපි වගේ එවුන්ට ළමයින්ට හිස නමන්න දෙන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

දේශපාලන ගණිකා ව්‍යාපාරයේ යෙදෙන්න බෑ – මරික්කාර් කියයි

කොකේන් භාවිතා කරන පාර් ලිමේන්තු මන්ත්‍රීවරු සිටිනාවායැයි රංජන් රාමනායක මහතා සිදු කරන ලද ප්‍රකාශය මේ වන විට වඩාත් බරපතල වී ඇති බවත්.මේ නිසා ලංකාව ජාත්‍යන්තර රටවල් ඉදිරියේ ද හෑල්ලුවට ලක්වන බව පාර් ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

ජනපති පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාලයේ හදිසි නිරික්ෂණයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හදිසි නිරීක්ෂණයක් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ගොස් ඇත. ඒ, කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් මෙරට විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා එහි ගොස් තිබේ.

මනුෂගේ නම විකුණා ජපන් රැකියා ජාවාරමක යෙදුන සැකකරුවෙක් අත්අඩංගුවට

මනුෂ නානායක්කාර මහතා මාර්ගයෙන් ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් කිරීමේ ජාවාරමක යෙදුණ සැකකරුවෙක් ගාල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල හපුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විදුලි පාරිභෝගිකයා පහසුවට නව ඇමැතුම් මධ්‍යස්ථානයක්

නවීන පහසුකම් සහිතව නවීකරණය කරන ලද නව ඇමතුම් මධ්‍යස්ථානයක් අප්‍රේල් 05 දින වනවිට ලංකා විදුලි බල මණ්ඩලයට ස්ථාපිත කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) චිත්තම්පලන් ඒ ගාඩිනර් මාවත පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයීය ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින්.

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා පත් කෙරේ

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය. මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවිර මහතා ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

අභ්‍යන්තර ගුවන් ගමන් ඉතා සහනදායී මිලකට ලඟදීම – රාජ්‍ය අමාත්‍ය අශෝක්

මගී ජනයාගේ තවමත් අවධානයට ලක්ව නොමැති අභ්‍යන්තර ගුවන් ගමන් සේවය ප්‍රචලිත කිරීමට කටයුතු කරන බවත් ඉහල කලමණාකාරීත්වය දැනුවත් කර ලාබදායී අභ්‍යන්තර ගුවන් ගමන් සේවයක් රට තුල ස්ථාපිත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.