22 September 2024

ඇමැති සජිත්ගෙන් ක්‍රිඩා දක්ෂයින්ට නව නිවාස

2018 වසරේ ආසියානු දැල් පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකර ගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබා ගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට සහ අංගම්පොර සටන් ශිල්පී මහන්ත ආරච්චිගේ නොයෙල් අජන්ත පෙරේරාට නව නිවාස පිරිනැමීම නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කෙරිණ.

එන්න ඇමැතිකමක් ගන්න ..! සුමන්තිරන්ට ඇමති පාඨලි කියයි

යාපනයේ සංවර්ධනය වෙනුවෙන් ඇමති ධූර ලබාගෙන ආණ්ඩුවට එක්වන ලෙස සුමන්තිරන් මන්ත‍්‍රීතුමා ඇතුළු කණ්ඩායමට ආරාධනා කරන බව මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඊ-හෙල්ත් කාඩ්පත ජනගත කෙරේ

නවීන වෛද්‍ය විද්‍යාවේ ක්‍රමෝපාන් ශ්‍රී ලාංකික ජනතාවට හදුන්වාදීමේ අරමුණින් මිලියන 21 ක් වූ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත හදුන්වාදීමේ නියමු ව්‍යාපෘතිය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ රෝහලේ දී අද (21) පෙරවරුවේ ආරම්භ කෙරිනි.

මගේ සුජාත දරුවා අපචාරයට ලක්වෙලා – ජනපති

තමා විසින් බිහි කළ දරුවා “19 වන සංශෝධනය- සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්ව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන ආයතන ත්‍රිත්වයම මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පාලනය කරන තමාට හැගෙන බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ඥානසාර හිමිගේ සුව දුක් බැලීමට රවි, අසාද්, මනෝ වැලිකඩ රෝහලට

සිරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ සුවදුක් විමසීම සඳහා විදුලිබල අමාත්‍ය රවී කරුණානායක, ජාතික සංහිදියා අමාත්‍ය මනෝ ගනේෂන් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අද (21) වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් තිබේ.

ඉදිරි වසර කිහිපය තුළ මහනුවර ආර්ථිකය ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලකි

ඉදිරි වසර කිහිපය තුල මහනුවර ආර්ථිකය ශක්තිමත් කර මහනුවර ජනතාව සවිබල ගැන්වීම සිදු කරන බව නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මහතා පවසයි.

මන්නාරම ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන එනවා – ඇමති රිෂාඩ්

මන්නාරම ප්‍රදේශය ධීවර කර්මාන්තයෙන් ලංකාවේ අංක එකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් බවත්, එහි මූලික පියවරක් ලෙස ධීවර කර්මාන්තය ආශ්‍රිත රැකියා 50,000 ක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පාහියන් ලෙනේ වසර 45,000 කට පෙර සිටින මානවයින්ගේ ආයුධ ගැන සොයා ගැනීමක්

වසර 45,000 කට පෙර සිටි පාහියන් ලෙනේ වෙසූ මානවයින් විසින් අත හැර දමා ඇති ආයුධ සම්බන්ධව, ඉපැරණි මානව සංක්‍රමණය පිළිබඳ ඉතිහාසය පුරා විද්‍යාඥයන්ට එය නැවත ලිවීමට හැකි වී තිබේ.

ව්‍යවස්ථාදායක සභාවේ ගැටළුවක් ඇතිනම් අභ්‍යන්තරිකව විසඳ ගන්න – පැෆ්රල් සංවිධානය

සියළුම දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ව්‍යවස්ථාදායක සභාවේ යම් ගැටළුවක් වේ නම් ප්‍රසිද්ධියේ විවේචනය නොකර අභ්‍යන්තරිකව විසඳා ගන්නා ලෙසත්, දේශපාලන බල ව්‍යප්තින් සඳහා රටේ ස්වාධීනව පැවැතිය යුතු ආයතන භාවිතයට ගැනීමෙන් වලකින ලෙසත් පැෆ්රල් සංවිධානය පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා පත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ලෙස ෂම්මි සිල්වා ඡන්ද සංඛාව 83ක් ලැබීමෙන් පත්ව තිබේ. සභාපති ධුරය සඳහා තරඟ කළ ජයන්ත ධර්මදාසට හිමිවූයේ ඡන්ද 56ක් පමණි.