22 September 2024

එල්ලුම්ගහට දින නියමය කිරීම ළගදීම

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලඟදීම දිනයක ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබඳ අන්තර් පාලක මණ්ඩලයක් පත් කෙරේ

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය පිළිබද අන්තර් පාලක මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ. මත්ද්‍රව්‍යවලට එරෙහි නීති රිති හා වැටලීම් ශක්තිමත් කරමින් මත්ද්‍රව්‍ය මර්ධනයට ගෙන යන වැඩපිළිවෙළ සේම ඊට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබදව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිඛෙන අතර ඒ අනුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා අධිකාරියක් පිහිටුවීමට ජනාධිපතිතුමා පසුගියදා කළ යෝජනාවට අමාත්‍ය […]

ජනමාධ්‍ය අමාත්‍යංශය මංගලගෙන් රුවන්ට

මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා යටතේ තිබෙන ජනමාධ්‍ය විෂය ඉවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි රජයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ගෙවල් දෙන්නේ පැල්පත්වාසී දුගීන්ට පමණයි – ඇමති පාඨලි

දේශපාලන පදනම මත හෝ හිතවත්කම් මත නාගරික පුනර්ජීවන ව්‍යාපෘතියෙන් ඉදිකරන කිසිඳු නිවසක් තමා ලබා නොදෙන බවත් අපගේ නිවෙස් ලබාදීමේ පදනම පැල්පත්වාසී දුගී බව පමණක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් හදන්නේ නැහැ

කිසිම විටෙක ව්‍යවස්ථාවට පටහැනි ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නැති බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

ආපනශාලා හිමියන්ගේ හිටපු සභාපති රැකවරණය ඉල්ලා අගමැතිට ලියයි

සමස්ත ආපනශාලා හිමියන් වෙනුවෙන් පෙනී සිටි ආපනශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් තමන්ගේ ජිවිත සුරක්ෂිත කරදෙන මෙන් ඉල්ලා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

ප්‍රගීත්ගේ නඩුව ගැන කියන්න සන්ද්‍යා ජිනිවා යයි

අතුරුදන් වු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ද්‍යා එක්නැලිගොඩ මහත්මිය ලබන 24 වනදා ජිනිවා නුවර බලා පිටත්ව යාමට නියමිතයි. TTVnews.lk වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ තමාගේ ස්වාමියා වන ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් විම සම්බන්ධයෙන් තවමත් අධීකරණයේ විභාග වන්නේ බී වාර්තාවක් පමණක් බවයි.

දේශපාලන බේද නොතකා රට වෙනුවෙන් කැපවෙන්න – කථානායක කියයි

මැතිවරණ වලින් පසුව තවදුරටත් සතුරු ආකල්පයෙන් කටයුතු නොකර අපේ යුගයේ ප්‍රශ්ණ අපේ යුගයේම විසඳා නූපන් පරපුරට සමෘධිමත් සංවර්ධිත රටක් උරුමකර දීමට කැපවෙන ලෙස මෙරට සියළුම ජ්‍යෙෂ්ඨ දෙශපාලන නායකයින්ට අවස්ථා ගණනාවක දී ආයාචනා කර ඇති බව කතානායක කරු ජයසූරිය මහතා පවසයි.

ජනපි‍්‍රය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් රටට අවශ්‍යයි – ඇමති පාඨලි

ජනපි‍්‍රය ආණ්ඩුකරණය වෙනුවට විද්‍යාත්මක ආණ්ඩුකරණයක් ගෙනාවොත්, මේ රට බොහොම ඉක්මනින් ආපහු හරවන්න පුළුවන් බවත් මේ රට මෙතනට පත් වෙලා තිබෙන්නේ බාල ජනකාන්ත වාදය නිසා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

එක තරගයක් දින්නා කියලා ඔහොම දඟලන්න ඕන නැහැ – ඇමැති අර්ජුන කියයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැති පළමුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ ජයග්‍රහණය සමරමින් සිය විවේකාගාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් හැසිරුණු ආකාරය කිසිසේත්ම අනුමත කළ නොහැකි බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.