22 September 2024

පාඩු ලැබු ආයතන දැන් ක්‍රියාශිලි ආයතන බවට පත් කරනවා – අගමැති

පාඩු ලබමින් සුදු අලි බවට පත්ව තිබූ හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දැන් ක්‍රියාශීලි ගමනාගමන ප්‍රවාහන කේන්ද්‍රස්ථාන බවට පත්වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නායකත්වය ගැන අර්බුදයක් – ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණේ සාකච්ඡා කල් යයි

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත නව සන්ධානයට අදාළ ප‍්‍රධාන සාකච්ඡාව ලබන 22 වනදා දිනට කල් දමා ඇතිබව වාර්තා වේ.

ඖෂධකාර කුළුබඩුවලින් ආහාර පිසිනවානම් ලෙඩ වෙන්නේ නෑ – ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස්

ඖෂධකාර කුළු බඩුවලින් ආහාර පිසිනවානම් බෙහෙත් අවශ්‍ය නොමැති බව ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා Global Spice Road පිළිබඳ මාධ්‍ය හමුව අමතමින්.

මෙරට කුළුබඩු වලට නිසි ඇඟයීම ලබා දිය යුතුයි – ඇමැති දයා කියයි

කිසිම විදිහකින් ගම්මිරිස් මෙරටට ආනයනය කරන්න ලබා නොදෙන බව සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි. මෙරට වගා කරන කුරුදු, ගම්මිරිස් වැනි දේ මෙරටට ආනයනය කිරීම නතර කළ යුතු බව හෙතෙම පැවසිය.

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් වැඩ බාරගනියි

රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය අද දින මහා භාණ්ඩාගාරයේදී වැඩ බාර ගත් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි.

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සදහා රු.මි.12,000ක් වෙන් කර ඇති අතර ව්‍යාපෘතිය හරහා ගොවීන්ගේ නිෂ්පාදන මිලට ගනු ලබන සමාගම් හා ගොවීන් අතර ගිවිසුම් අත්සන් කිරීම පසුගියදා සිදු වු බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා … -රාජ්‍ය ඇමති අශෝක් කියයි

  කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ආසනය කුරුණෑගල ආසනය බවට පත්කරන ලෙසත් එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන පැල්පත්වාසීන් සඳහා නිවාස ගැටළුවට 2020 වන විට සියලුම පැල්පත් නිවාස ඉඳිකර අවසන් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න – ජනපති

රටේ හෙට දවස වෙනුවෙන් අලුත් ආණ්ඩුවක් සහ අලුත් වැඩපිළිවෙළකට සුදුසු නව ජාතික පුළුල් බලවේගයක් බිහිකර ගැනීම ප‍්‍රගතිශීලි මෙන්ම රටට ආදරය කරන සෑම දේශපේ‍්‍රමියෙකුගේම අද දවසේ වගකීම වී ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

පළාත් සභා මැතිවරණය ගැන ලබන සතියේ තීරණය කරන බව සභානායක කියයි

පළාත් සභා මැතිවරණය පිළිබඳ තීරණය ලබන සතියේ බව රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.  අමාතයවරයා මේ බව පැවසුවේ අද (17) කොටලිගොඩ තිස්මඩ හරහා මැණික්දිවෙල මාර්ගය හා රත්තේපිටිය දෙල්දෙණිය යන මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කිරිම සඳහා කැටපිටිය පුරාණ විහාරයේ පැවැති උත්සවයේදි සභාව අමතමිනි.

මන්ත්‍රීවරුන්ගේ තැපැල් දීමනාව වැඩි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ නිදහස් තැපැල් පහසුකම් දීමනාව ඉහළ නංවමින් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.