22 September 2024

දකණු අපි‍්‍රකාවට එරෙහි පළමු ටෙස්ට් කි‍්‍රකට් තරඟයේදී ජය ශ්‍රී ලංකා පිලට

දකුණු අප්‍රිකාව සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එක් කඩුල්ලක ඓතිහාසික ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම අද (16) වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනපති ප්‍රධානත්වයෙන්

”හදට හදක්” භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදු විය. හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සදහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් පිහිටුවා ඇත.

හබරාදුව දික්කුඹුර අම්පාවිල දී කිඹුලෙක් හමුවෙයි

අහංගම, දික්කුඹුර අම්පාවිල ප්‍රදේශයේදි ඊයේ (15) රාත්‍රී 11 ට පමණ ප්‍රදේශවාසීන් විසින් කිඹුලෙකු සොයාගෙන තිබේ. අල්ලාගත් කිඹුලා දික්කුඹුර ගාල්ල මාර්ගයේ අම්පාවිල ප්‍රදේශයේ කුඹුරක් අසල සිටිය දි ප්‍රදේශවාසීන් ඉතා දැඩි උත්සාහයක් දරමින් මෙම කිඹුලා අල්ලගත් බව ප්‍රදේශවාසීන් පැවසිය.

“සුළග අප රැගෙන යාවි” නුදුරු දිනකින් ලංකාවේ ප්‍රදර්ශනයට (Video)

නුවන් ජයතිලකගේ කුලුදුල් සිනමා නිර්මාණය “සුළග අප රැගෙන යාවි” ඉදිරි කාලයේදී ඉතාම නුදුරු දිනයක ලාංකික ප්‍රේක්ෂකාගාරයට පැමිණීමට නියමිතව තිබේ. විදේශයන්හි දර්ශන වාර හැට අටකට ආසන්නව ප්‍රදර්ශනය වූ මෙම චිත්‍රපටිය නුවන් ජයතිලකගේ සිනමා ආගමනය පිළිබදව අනාගත සිනමාවට නවමු දැක්මක් ලගාකරවීමක් බව විචාරක අදහසයි.

රියදුරුට නින්ද යාමෙන් රථය ඇලට

තලවතුගොඩ ප්‍රදේශයේදී අද (16) අලුයම වෑන් රථයක රියදුරුහට නින්ද යාම හේතුවෙන් වෑන් රථය එහි ඇලට වැටී තිබේ. කෙසේ වෙතත් රථයේ ගමන් ගත් කිසිවෙකුට ජිවිත හානියක් නොමැති බව TTVnews.lk වෙබ් අඩවියේ විශේෂ වාර්තාකරු සඳහන් කර සිටියේය.

නුවරගල මහ විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාරය ජනපති අතින් විවෘත කෙරේ

දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහ විද්‍යාලයේ රුපියල් දෙකෝටි දශ ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීක විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (15) පෙරවරුවේ විවෘත කෙරිණි.

යාපනය පලාලි ගුවන්තොටුපොළේ කටයුතු පමා නොකරන්න – අගමැති කියයි

යාපනය පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය තවදුරටත් ප්‍ර‍මාද නොකර වහාම ක්‍රියාත්මක කරන්න ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍සිංහ මහතා පවසයි. එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සියලු ආයතන එක්ව කටයුතු කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ගිනි පොලියට වැට බඳින නව ක්ෂුද්‍ර මූල්‍ය පනත සූදානම් – ඇමැති මංගල

ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවල 200% තරම් ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබා ගැනීම වෙනුවට සම්පූර්ණයෙන් ම හෝ කොටසක් රජය මගින් පොලී ගෙවනු ලබන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය හා එක්වන ලෙසත් උතුරේ ජනතාවට එය අතිශය වැදගත් වනු ඇති බවත් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒකාබද්ධයට ආණ්ඩුව පෙරළන්නේ පැණි කන්නයි – ඇමැතිනි තලතා කියයි

ඒකාබද්ධ විපක්ෂය නැවත බලයට එන්න උත්සාහ කරන්නේ මේ රටේ ජනතාවට යහපතක් කරන්න නෙමෙයි තමන්ගේ පෞද්ගලික අවශ්‍යතා ඉටු කර ගනිමින් තමන්ට පැණි කන්න විතරක් බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

රටේ දැවෙන ප්‍රශ්න විසදීමට ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍යයි – කථානායක කියයි

නිදහස ලබා වසර 70 ක් ගෙවී ගිය ද දේශපාලන බල හුවමාරු සමග වෙනස් නොවන ජාතික න්‍යාය පත්‍රයක් තවමත් ස්ථාපිතව නොමැති බව ද රට තුල ඇති දැවෙන ප්‍රශ්න විසදීමට ස්ථිරසාර ජාතික න්‍යාය පත්‍රයක් සකස් කර ගැනීම මේ මොහොතේ පැහැරහල නොහැකි යුතුකමක් බව ද කථානායක කරු ජයසූරිය මහතා පවසයි.