22 September 2024

ඊලඟ ඡන්දේදී විශාල පරිවර්තනයක් රටේ කරන බව ඇමැති කබීර් කියයි

මේ රටට වැඩිම සේවයක් කළ පක්ෂය විදියට එක්සත් ජාතික පක්ෂය ජනතාව විශ්වාස කරන මතවාදය අනුව කටයුතු කරන බවත් පසුගිය කාලයේ ඇති කල වෙනසටත් නායකත්වය දුන්නේ එක්සත් ජාතික පක්ෂයයි බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් …-  ඇමති පාඨලි

රටේ අඩුම ගණනේ 20%ක වත් මගී ප‍්‍රතිශතයක් ගෙන යන දුම්රිය සේවයක් ඉදිරි දශකයේදී ඇතිකරන යෝජනාව ඉදිරිපත් කරනවා බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වතු ශ්‍රමිකයින්ගේ වැටුප් ගැටළුවට ජනපතිගෙන් කමිටුවක්

තේ කර්මාන්තයේ නියුතු ව සිටින ශ්‍රමිකයන්ගේ වැටුප් ගැටලූව ඇතුථ තේ කර්මාන්තය ආශ්‍රිත ව මතුව ඇති කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලූ පිළිබද අධ්‍යයනයක් සිදුකොට ලබාදිය හැකි විසදුම් ඉදිරිපත් කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ කමිටුවක් පත්කරයි.

සීමාසහිත ලංකා පොහොර සමාගමට හා මිල්කෝ සමාගමට සභාපතිවරු පත් කරයි

සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස සෝමචන්ද්‍ර ජයකොඩි මහතා පත්කර තිබෙන අතර සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගමේ නව සභාපතිවරයා ලෙස කීර්ති මිහිරිපැන්න මහතා අමාත්‍යවරයා විසින් නම්කොට ඇති අතර මිල්කෝ සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස එම්.එච්.එම්. පසාල් මහතා පත් කර තිබේ.

ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස එරික් ප්‍රසන්න පත් කරයි

ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක ස්මාර්ට් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එරික් ප්‍රසන්න වීරවර්ධන මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන 21 වනදා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් හා ක්‍රිකට් නිසි බලධාරී චූලානන්ද පෙරේරා මහතා පවසයි. ඒ මහතා ඊයේ (12) ක්‍රීඩා අමාත්‍යංශයේ මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ක්‍රිකට් නිලවරණ අභියාචනා කමිටු නිර්දේශ අනුව නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථා අහිමිවී ගිය මොහාන් ද සිල්වා හා රවීන් වික්‍රමරත්න යන මහත්වරුන්ට එරෙහි එම තීන්දු ක්‍රීඩා රෙගුලාසි […]

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ නීතිමය ප්‍රතිසංස්කරණ කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ ක්‍රියා පටිපාටිය, හදිසි මරණයකදී ඔවුන් ක්‍රියාකළ යුතු ආකාරය හා ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිසංස්කරණ පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය වෙත භාරදීම අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේදී ඊයේ (12 ) පස්වරුවේ සිදු විය.

වෛද්‍ය නිල නිවාස ඉදිකිරීම කඩිනමින් – ඇමැති රාජිත කියයි

විදේශ ආයෝජනයක් මත විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍ය නිලධාරීන් සදහා වූ නිල නිවාස 1500 ක් ඉදිකිරීම කඩිනමින් ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මුලින්ම අධිවේගි මාර්ගයක් හදන්න තිබුණෙ අගනුවර ඉදලා දෙවෙනි අගනුවරටයි – ඇමැති කිරිඇල්ල

ශ‍්‍රී ලංකාවේ අධිවේගී මාර්ග නිර්මාණය කිරීමේදී මුලින්ම අධිවේගී මාර්ගයක් නිර්මාණය කළ යුත්තේ අගනුවර සිට දෙවෙනි අගනුවරට බව සභානායක රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

නවීන බැහැර දැමිය වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා බ්‍රිතාන්‍ය සමාගමක් ශ්‍රී ලංකාවට ..!

ශ්‍රී ලංකාවේ නවීනතම බැහැර දැමිය හැකි වෛද්‍ය උපකරණ නිෂ්පාදනය සඳහා කර්මාන්ත ශාලාව සඳහා පදනමක් ආරම්භ කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ එක්සත් රාජධානියේ නිෂ්පාදිත ෆ්ලීක්සිකෙයර්(සමූහ) [ Flexicare (Group)] සමාගමේ සභාපති ඝස්සෙම් පූර්මන්ද් මහතා විසින් Flexicare වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේ.