22 September 2024

සිංගප්පුරු සිහිනය මිත්‍යාවක්… ! කථිකාචාර්ය සුමිත් චාමින්ද

වසර 40 ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව සිංගප්පුරු සිහිනයක් දකින බවත් එය තවමත් සිහිනයක් පමණක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුමිත් චාමින්ද මහතා පවසයි.

කථානායකට පුළුවන් මාධ්‍ය කැඳවන්න… ! සභානායක කියයි

පාර්ලිමේන්තුවේ කාරක සභා කටයුතු සදහා මාධ්‍ය කැදවීමේ හැකියාව ස්ථාවර නියෝග යටතේ කතානායකවරයාට පවතින බව සභානායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

රාජ්‍ය මාධ්‍ය සැබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කිරීමට කමිටුවක් පත් කෙරේ

රාජ්‍ය මාධ්‍ය ආයතන සෑබෑ මහජන සේවා මාධ්‍ය බවට පත් කරලීමේ අරමුණෙන් ඒවායේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.

රට ඉදිරියට යන්නනම් ශක්තිමත් ව්‍යාපාරික පන්තියක් ඕනෑ බව ඇමැති පාඨලි කියයි

දේශපාලනඥයින්ගේ දේ දේශපාලනඥයින්ට දෙන ලෙසත් ව්‍යාපාරිකයින්ගේ දේ ව්‍යාපාරිකයන් ගන්නා ලෙසත් මහානගර හා බස්නාහිර සංව්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරගම පොදු වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඉතිහාසයේ පලමුවරට මෙරට ව්‍යවසායකයින්ට ඩිජිටල් දත්ත ගබඩාවක්

දිවයින පුරා විසිර සිටින සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයිගේ තොරතුරු කඩිනමින් ලබා ගැනීම හරහා ඔවුන්ගේ ව්‍යාපාර ජනතාව අතරට ගෙන යෑමේ අරමුණින් එම ව්‍යවසායකයින්ගේ තොරතුරු ඇතුලත් ඩිජිටල් දත්ත ගබඩාවක් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) හරහා ස්ථාපිත කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු ,දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

එජාපයට නව ආසන සංවිධායකවරුන් පත් කරයි ..! රූකාන්තට ආසනයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ඇතුළු හයදෙනෙකු එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් ලෙස පත් කිරිම් අද (11) අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ සිදු කෙරිණි.

මිරිස් කුඩු ගහපු අය දැන් මඩ ගහන්න පටන් අරන් …. ! අගමැති කියයි

පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගැසූ අය දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට මඩ ගසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 09 වනදා ගාල්ල, නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

මෙවර සවුදි රජය විසින් රට ඉදි වැඩි ප්‍රමාණයක් මෙරටට – ඇමැති අබ්දුල් කියයි

පසුගිය වසරේ රාමසාන් සමයේදී මුස්ලිම් බැතිමතුන්ගේ පරිබෝජනය සදහා සවුදි රජය විසින් ලබා දුන් රට ඉදි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් මේ වසරේදී ලබා දෙන බව දැනුම් දුන් බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ගරු එම්.එච්.අබ්දුල් හලීම් මහතා පවසයි.

ගෝඨාගේ මුලික විරෝධතාව ප්‍රතික්ෂේපයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කර තිබේ.

ක්‍රිකට් විනාශ කළ අය ජනපතිගේ වේදිකාවෙන් බිමට බස්සවන්න – ඇමැති අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කළ දූෂිත පුද්ගලයින් ජනාධිපතිවරයාගේ වේදිකාවෙන් බිමට බැස්සවීමට කාලය පැමිණ ඇති බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. මේ වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි දිශාවට යොමු කිරීමේ වසරක් වනු ඇති බවටද අර්ජුන රණතුංග අමාත්‍යවරයා අපේක්ෂා පළ කළේය.