22 September 2024

මහින්ද , රාජිතට දුන් චරිත සහතිකයක්.. !

වාචාලකම් දොඩවන දේශප්‍රේමීන් නිසා රට විනාශයට පත් වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ජා-ඇල බටඇල උතුර ප්‍රදේශයේ ඉදි කළ 07 වන ඖෂධ හා ආලේපන කර්මාන්ත ශාලාව ඊයේ (09) පෙරවරුවේ විවෘත කරමින්.

ජනපතිවරණය නෙමෙයි …! පළාත් සභා….. ජනපති කියයි

ජනාධිපතිවරණයට පෙර ස්ථිර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවේ දී පවසයි. ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී නිවිදභාවයෙන් වැඩ කරන්න –  විෂයභාර ඇමතිගෙන් උපදෙස්

ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කිරීමේදී වඩාත් විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීම තුළින් විශ්වසනීයත්වය ආරක්ෂා කරගනිමින් ලාභදායි ආකාරයෙන් ආයතන ව්‍යුහය පවත්වාගෙන යාහැකි බවත්, එබැවින් ඉදිරියේදී සිදුකරන ටෙන්ඩර් කැඳවීමේදී සහ විවෘත කිරීමේදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කළයුතු බවත්, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

“ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය ඇරඹේ … !

තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන “ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලය ගොඩනැංවීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරුණු පළමු වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (08) පස්වරුවේ පොළොන්නරුවේ දී විවෘත කෙරිණි.

2018 වර්ෂයේ ඩෙංගු රෝගින්ගේ වාර්තාගත අඩු වීමක්

2017 වර්ෂයට සාපේක්‍ෂව 2018 වර්ෂයේ දී ඩෙංගු රෝගීන් වර්තා වීම 70%කින් සහ ඩෙංගු රෝගයෙන් මරණයට පත් වන සංඛ්‍යාව 90% කින් අඩු කර ගැනීමට හැකි වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ධීවර යාත්‍රා දස දහසක් සඳහා GPS උපකරණ ! ධීවරයන්ටත් හැඳුනුම්පතක්

ධීවරයන්ගේ වෙස් ගනිමින් මත්ද්‍රව්‍ය ආනයනය, නීති විරෝධී ගණුදෙනු හා නීති විරෝධී විදෙස්ගත වීම අවම කරන ලෙස මෙරට ධීවරයින් කළ ඉල්ලීමකට අනුව ඉදිරියේ දී සියලුම ධීවර යාත්‍රා සඳහා GPS තාක්ෂණය හඳුන්වා දී නිරීක්ෂණය කිරීමටත් ධීවරයන් වෙනුවෙන් හැඳුනුම්පතක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

යහපාලනයට විරුද්ධයි – මන්ත්‍රී ඉෂාක් කියයි

යළිත් යහපාලන ආණ්ඩුවක් සම්බන්ධයෙන් කතා කරන නමුත් එම යහපාලනයට විරුද්ධ බවත් යහපාලන ආණ්ඩු හැදුවම ඇතුලේ -ඇතුලේ කචල්. තවත් රට ණය වෙන එකයි මේ යහපාලන ආණ්ඩු වලින් වෙන්නේ යැයි අනුරාධපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා පවසයි.

යර්ස් ..! නෝ… කියන අය නෙමෙයි මට ඕන – ඇමැති රවි කියයි

හැමදේකටම යර්ස් සර්, නෝ සර් කියන පිරිසක් තමාට අවශ්‍ය නොවන බවත් වංචා දූෂණ තුරන් කරල රටට ඵලදායි සේවාවක් ඉටු කරන පිරිසක් අවශ්‍ය බව විදුලි , බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. 

වතු කම්කරුවන්ගේ ඉතිහාසය ගැන විනෝද් මුණසිංහගෙන් හෙළි දරව්වක්

ශ්‍රී ලංකාවේ වතුකම්කරුවන් ඈත අතිතයේ සිටම වහල්ලුන් වශයෙන් සේවයේ යෙදවු බව OSL Investment Magazine ප්‍රධාන කතෘ විනෝද් මුණසිංහ මහතා පවසයි. TTVnews.lk වෙබ් අඩවියේ මාධ්‍ය වේදී තරින්ද ඇල්විටිගල විසින් මෙහෙයවන වතුකම්කරුවන්ගේ අරගල සංවාදාත්මක වැඩසටහනට එක්ව සිටින්නේ ජින් මුණසිංහ මහත්මිගේ සහ අනිල් මුණසිංහ මහතාගේ පුත් විනෝද් මුණසිංහයි.

ඩුබායිවලදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ව කඩිනමින් මෙරටට ගෙන්න – ජනපති 

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙලේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලියක සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනා කඩිනමින් මෙරටට රැගෙන එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.