22 September 2024

විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2019 වර්ෂය සඳහා අයවැයට පදනම් වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජාතික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව වූ ලක්ෂ්මන් කිරිඇල්ල සභානායකවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව මේ සතියේ විවාදයට ගන්නා දිනය පිළිබඳව ද අද පක්ෂ නායකයින් රැස්වීම් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

නව දේශපාලන පෙරමුණේ මෙහෙයුම් මූලස්ථානය ඇමැති රාජිත හෙළි කරයි

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 2015 ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ පක්ෂ මූලස්ථානය බවට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

නිර්මාණ ළදරුවන් බිහිකරන්න ඇමෙරිකාවෙන් සුදානමක්

උත්තර මානවවාදීන් දෙදෙනෙකු විසින්, මනුෂ්‍ය ශෛල සංහති පරිවර්තනය කිරීම වස්, ජාන ඉන්ජිනීරු විද්‍යාවත්, “නිර්මාණ ළදරු” බිහිකිරීමත්, සඳහා ආරම්භක සමාගමක් දියත් කර ඇති බව ඇමරිකාවේ ඇම් අයි ටී ටෙක්නොලජි රිවියු සඟරාව වාර්තා කරයි.

71 ජාතික නිදහස් දිනය අදයි

71වන අභිමානවත් නිදහස සැමරීම නිමිත්තෙන් ජාතික දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේදි අද දින පැවැත්වේ. ප්‍රධාන ආරාධිතයින් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහාතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතාගේ සම්ප්‍රාප්තියෙන් පසු ජාතික දින සැමරුම් උළෙල නිළ වශයෙන් ආරම්භ කරනු ලැබේ.

අපි මාස 3 වැඩ පෙන්වන ගේම්කාරයෝ – ඇමැති හරින් කියයි (විඩියෝ සහිතයි)

සිය අමාත්‍ය කාලය තුළදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවේ දියුණුවක් ඇති කරන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා TTVnews.lk වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ඉදිරි මාස 08 ක කාලය තුළදී තමාට හැකි උපරීම දායකත්වය ක්‍රිකට් ක්‍රිඩාව සඳහා ලබා දෙන බව හෙතෙම පැවසිය.

ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ රට ගොඩනගන්නයි – සභානායක කිරිඇල්ල කියයි

ජාතික ආණ්ඩුවක් පිහිටුවා, අමාත්‍ය මණ්ඩලයේ සංඛ්‍යාව වැඩි කරලීමට පාර්ලිමේන්තුවට යෝජනා කළේ රට ගොඩනැංවීමේ ව්‍යායාමයට අවංකවම එකඟ සියළු දේශපාලන පක්‍ෂ ආණ්ඩුවේ කාර්යභාරය සඳහා සහභාගී කර ගැනීමේ අරමුණින් බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අලුත් ගමනක් යන්න එන්න – දුමින්ද කියයි

මොන තරම් හිත් රිදවීම්, ප්‍රශ්න තිබුණත්, හරි-වැරැද්ද පිළිබඳව අපිට මොන විදිහේ තක්සේරු තිබුණත් ඒ සියල්ල පැත්තකින් තියලා, අතීතයට තියලා ඒ සියල්ල අමතක කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට අලුත් ගමනක් යන්න සෑම කෙනෙක්ම සූදානම් වෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ආචාර්ය මොහාන්ගේ පොත ජනපතිට පිළිගන්වයි

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත ,ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙදපොළ අතර ඇති නොගැලපීම, නම් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට – GSRS 2019 සුදානම්

මෙරට කුළු බඩු කර්මාන්තය ජාත්‍යන්තරයට ව්‍යාප්තත කිරීම සඳහා chelcey consulting Private Limited සහ OSl The Inversment Magazine මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ සම්බන්ධයෙන් වු මාධ්‍ය හමුවක් ඊයේ (01) කොළඹ මැරිනෝ බීච් හෝටලයේදී පැවැත්වු අතර ඒ සඳහා සමාජ සවිබලගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ මහතා ද සහභාගි වුහ.එහිදී ඊට අදාළ වෙබ් අඩවිය ද අමාතවරයා අතින් විවෘත […]

වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්න

මෙරට මෙන්ම විදේශීය වෙළෙද පලට ගැලපෙන ඉල්ලුම ඇති බෝග ප්‍රචලිත කරන්නැයි කෘෂි නවීකරන ව්‍යාපෘතියට කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් අදාළ නිලදාරින්ට උපදෙස් ලබා දී තිබේ.  ලෝක බැංකු මුල්‍යාධාර යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 58ක ජාත්‍යන්තර සංවර්ධන සංගමයේ ණය ප්‍රධානයක් අනුව කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතිය මෙරට දිස්ත්‍රික් කිහිපයක ක්‍රියාත්මකයි.