22 September 2024

ජවිපෙ ආදායම් මාර්ගයක් ගැන – ජානිපෙ හෙලි කරයි

පළාත් පාලන මැතිවරණය වසර දෙකහමාරකින් කල් දැමීමටත් පළාත් සභා මැතිවරණය අද වන තෙක් කල් දැමීමටත් මැතිවරණවලට බිය රනිල් වික‍්‍රමසිංහට උදව් කළ ජවිපෙය, අද 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනාධිපතිවරණය අහෝසි කරවීමට උත්සාහ ගන්නේ ද ඔහුගේ දේශපාලන ප‍්‍රාණය රැක දීමට බවත් එවැනි කටයුතු අද ජවිපෙ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක […]

දේශපාලනය පසෙකලා ලංගම රැක ගන්න – ඇමැති අශෝක සියළු සේවකයින්ට කියයි

දේශපාලනික මතිමතාන්තර පසෙක දමා ලංකා ගමනා ගමන මණ්ඩලය රැක ගැනීමේ වගකීම සියලුම සේවකයන් සතු යුතුකමක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

වැරැද්දක් ඇත්නම් නීතිය හමුවට යන්න – ඇමති රිෂාඩ්ගෙන් අවවාදයක්

වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිතියක් ලියාපදිංචි කරන මුවාවෙන් මහා පරිමාණ මුල්‍ය වංචාවක් සිදුකීරීමට යන බව පවසමින්,සමූපකාර දෙපාර්තමේන්තුවේ හා විෂය භාර අමාත්‍යවරයා ලෙස තම නම ද යොදා ගනිමින් ඇතැම් මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍ය හරහා මේ දිනවල පැතිර යන පුවතේ සඳහන් තොරතුරු පිළිබඳව ස්වාධීන හා විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ පිලිබද වාර්තාවක් කඩිනමින් තමාවෙත ඉදිරිපත්කරන ලෙස කර්මාන්ත […]

කවුද තමන්ව නැගිට්ටෙව්වේ කියලා මතක තියා ගන්න ඕන- දුමින්දගෙන් රිදෙන කතාවක්

  කෙලෙහිගුණය කියන එක තිබුණොත් තමයි ඉස්සරහට හොඳ වෙන්නේ,තමන්ගේ වැඩේ කර ගත්තා දැන් අහවල්ලු ඕන නෑ කියලා හිතුවොත් ලොකු ගමනක් නම් යන්න බැරි වෙනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ආයුධ සන්නද්ධ සටන්කාමී බලවේගය අපියි – ඇමැති පාඨලි කියයි

පසුගිය දශක එකහාමාරක කාලය තුළ ප්‍රභාකරන් වේවා, මහින්ද රාජපක්ෂ වේවා, මෛත්‍රීපාල සිරිසේන වේවා යුක්තියට එරෙහිව සටන් කළ හැම අවස්ථාවකම එම කොටස් අයුක්තිය වෙනුවෙන් පෙනී සිටි හැම අවස්ථාවකම ආයුධ සන්නද්ධව හෝ වෙනත් ආකාරයකට ඒකට එරෙහිව සටන් කළ පුරෝගාමී බලවේගය තම පිරිස බව මහනාගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීමට සුදානම්

අභිනවයෙන් ඉදිකළ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම හෙට (06) දින පෙ.ව. 10.00ට සිදු කිරීමට නියමිතයි. එම දුම්රිය ධාවනය ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙන් සිදු කෙරේ.

එජාපයේ ලක්ෂයකට සාධාරණයක් වුණේ නෑ – දුනේෂ් කියයි

එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලක්ෂයක පිරිසකට සාධාරණයක් ඉටු නොවු බවත් ඔවුන් කළකිරීමට පත්ව සිටින බවත් එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි.

උතුම් ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කෙරේ

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලූවිහාරයේ දී පැවැත්විණි.

අයවැයට අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 04

2019 වර්ෂය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මගින් රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17%කට වඩා වැඩි අගයක් දක්වා වර්ධනය කිරීම ප්‍රධාන අපේක්ෂාව වන අතර මෙම අයවැය ප්‍රධාන වශයෙන් කාර්ය සාධනය මත පදනම්වූ අයවැයක් ලෙස ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

කුමන්ත්‍රණයකට හවුල් වුණේ නෑ – රෙජිනෝල්ඩ් කුරේ කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්විමට කිසිදු සූදානමක් නොමැති බවත් බවත් ජනාධිපතිවරයාට එරෙහිව පක්ෂය දෙකඩ කිරීම සඳහා කුමන්ත්‍රණයකට තමන් හවුල් නොවු බව උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.