21 September 2024

රාජ්‍ය ආයතන 100 ක් බත්තරමුල්ලට – ඇමැති පාඨලි කියයි

කොළඹ නගරය අවට තිබෙන රාජ්‍ය ආයතන 100 කට ආසන්න ප්‍රමාණයක් බත්තරමුල්ල කලාපයට ගෙන ඒමට කටයුතු කරන බවත් එවිට මේ ස්ථානය වටා ඉතා වැදගත් පරිසර පද්ධතියත් ආරක්‍ෂා කරගෙන නව නාගරික වටපිටාවක් ගොඩනැගෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ජනාධිපතිවරණයක්….. මාධ්‍ය ආයතන ගැන ජවිපෙ අනුරගෙන් සැර කතාවක්

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමට කටයුතු නොකරන්නේ නම් මේ වසරේ නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැමිණීමට නියමිත බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (02) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ විවිධ ආණ්ඩු විවිධ අවස්ථාවල අපේ රටේ මාධ්‍ය ආයතන තමන්ට අවශ්‍ය පරිදි හීලෑ කරගත් බවයි.

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගන්න – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ජනතාවගේ දුගී බව තුරන් කිරීම ප්‍රමුඛ අරමුණ කර ගනිමින් නව වසරේ සංවර්ධන සැලසුම් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලධාරින්ට උපදෙස් දෙයි. මත්ද්‍රව්‍ය වැනි සමාජයට අහිතකර සියලූ බලවේගයන් මර්ධනය පිළිබදව ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු අතර, ඒ වෙනුවන් ක්‍රියාත්මක විශේෂ වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන සහ කසුන්ට ඇප

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සහ එහි විධායක නිලධාරී කසුන් පලිසේන යන දෙදෙනාට ඇප ලබා දීමට අද (01) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේයි.

ඇමැතිකමක් දුන්නොත් ගන්නවා නොදුන්නොත් තරහා යනවා – එස්.එම්.මරික්කාර්

තවත් නියෝජ්‍ය අමාත්‍යධූර 13 ක් ඉතිරිව ඇති බවත්, එය ලබා ගැනීම සදහා පක්ෂය ඇතුලේ මන්ත්‍රීවරුන් අතර සටනක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ, රුපියල් ලක්ෂ 41 ක ප්‍රතිපාදනයෙන් කාපට් අතුරා සංවර්ධනය කරන ලද මුල්ලේරියාව, හිඹුටාන පටුමග ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයකට එක්වෙමින්ය.

අද දේශපාලඥයෝ ප්‍රාථමික ගැටළු මිස ජනතාවගේ දැවෙන ගැටළු ගැන කතා කරන්නේ නැහැ – ඇමැති රවි කියයි

නව වසරක් උදාවෙන අවස්ථාවේ අපි සියළු භේද ඉවත දාලා එකමුතු වී වැඩ කළ යුතු බවත් අද දේශපාලඥයෝ ජාතික ප්‍රශ්න ගැන කතා නොකර ප්‍රාථමික ගැටළු ගැන කතා කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා මහතා පත් කෙරේ. ඒ මහතා අද (31) උදෑසන ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේ ය.

ID එක හෙට සිට අලුත් විදිහකින්

නව ජාතික හැඳුනුම්පත ජනවාරි පළමුවැනිදා සිට නිකුත් කිරීමට නියමිත බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.  එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුහුරු ජාතික හැඳුනුම්පත් ලෙස හඳුන්වාදෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයදුම්කරුගේ ජායාරූපය, විද්‍යුත් තැපෑල මගින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවයි.

අයිති නැති වුණත් දුමින්ද යාන් ඔය ජලාශයේ නිරික්ෂණ චාරිකාවක

පැවති වර්ෂා සහිත කාළගුණයත් සමගින් ඉදි වෙමින් පවතින යාන් ඔය ජලාශය ජලයෙන් පිරි යාමේදී බලාපොරොත්තු නොවූ ගම්මාන ජලයෙන් යට වෙමින් පවතින බැවින් එම ගම්මාන වල ජනතාවටද වන්දි මුදල් ලබා දී ඔවුන්ද නැවත පදිංචි කිරීම් කටයුතු සිදු කරන බව හිටපු වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.