21 September 2024

අනතුරු අවම කරමු – සෞඛ්‍ය අංශ කියයි

සෑම වසරකම දෙසැම්බර් 31 දින රිය අනතුරු මෙන්ම ගිනිකෙළි අනතුරු , බීමත්ව සිදු වන ආරවුල් හේතුවෙන් සිදුවන අනතුරු බහුලව වාර්තාවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනතුරු නිවාරණ අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සමිත සිරිතුංග මහතා පවසයි.

චන්ද්‍රිකාගේ දේශපාලන කාලය ඉවරයි – එස්.එම්. චන්ද්‍රසේන කියයි

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය විසින් මේ වන විට දේශපාලන කටයුතුවලින් සමුගත යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඒ මහතා අනුරාධපුර ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරව මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දියුණු කරමින් කටයුතු කරන බවයි.

නව අමාත්‍ය මණ්ඩලයේ විෂයන් හා කාර්යයන් ප්‍රකාශයට පත් කෙරේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් නව අමාත්‍යවරුන්ට පැවරී ඇති විෂයන් හා කාර්යයන් නිවේදනය කර තිබේ. එහිදී අදාළ අමාත්‍යවරුන් බාරයේ පැවතිය යුතු දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන ද අදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර තිබේ.

ගංවතුරෙන් අවතැන් වුවන්ට මුල්‍ය ආධාර … බැංකු ණය තාවකාලිකව අත්හිටුවයි – අගමැති

ගංවතුරෙන් අවතැන්ව සිටින උතුරේ ජනතාවට කඩිනමින් මූල්‍ය ආධාර ලබාදෙන බවත් එම ජනතාව ලබාගෙන ඇති බැංකු ණය සඳහා වාරික හා පොලිය අය කිරීම තාවකාලිව අත්හිටවන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාලනයට දක්ෂ අය ලෝකය සමඟ වැඩ කරන්න බය නෑ – ඇමැති වජිර ( විඩියෝ)

විදේශ රටවල් සමඟ ගනුදෙනු කිරීමට පාලනයට දක්ෂ පිරිස් බිය නොමැති බව අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා සහ පලාත් පාළන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.  TTvnews.lk වෙබ් අඩවිය සමඟ කල සම්මුඛ සාකච්ඡාතවට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය විදේශ රටවල් සමඟ වැඩ කිරීමට කිසිදු බියක් නොමැති බවයි. එසේම ඉදිරියේදී ජනතාවගේ අවශ්‍යතාව මත ඕනෑම […]

බුදු පිළිම විනාශ කිරීම ගැන විමර්ශනයක් – ඇමැති සජිත්

මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම විනාශ කිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම විමර්ශනය සිදුකරන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කැප වෙනවා – ඇමැති රවී

විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනක් බවට පත්කොට විදුලි පාරිභෝගිකයාට සහන ලබාදීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා පවසයි.

ජාතිවාදය පිටු දැකීම සහ විධායක ජනපති ධූරය අහෝසි කරමු – කථානායක 

යළි තැන තැන ජාතිවාදය සහ ආගම්වාදය දේශපාලන මුහුණුවරින් කරළියට පැමිණීමට උත්සාහ කරන බව දක්නට ඇති බැවින් යළිත් උතුරත්, දකුණත් ඇවිලවීමට පටු දේශපාලන උවමනාවන්ට ඉඩ නොතබා නව වසරේ ජාතිවාදය හා ආගම්වාදය පිටුදැකීමට මුල් වන ලෙස කථානායක කරු ජයසූරිය මහතා සර්ව ආගමික සමුළුවෙන් ඉල්ලා සිටි.

අපි නිහඩව සේවය කළේ – ඇමැති පාඨලි

ගත වූ වසර 35 තුළ බිහි වූ සියලු රාජ්‍ය නායකයින් කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ලබාදුන් නිවාසවලට වඩා දස ගුණයක් නිවාස අප අමාත්‍යාංශය විසින් පසුගිය වසර කිහිපය තුළ නිහඬවම ලබාදීම සිදු කළ බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

පාර්ලිමේන්තුව නියමිත කාලය පෙර විසුරුවන්නට අපි සහාය දෙන්නේ නෑ – ඇමැති අජිත්

නියමිත කාලයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම සදහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එන්නේ නම් ඊට එක්සත් ජාතික පක්ෂය සහාය නොදන බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.