21 September 2024

වැඩ කරන්න බැරිනම් ගෙදර යනවා – ඇමැති සජිත්

මේ දේශපාලන ක්‍රමය තුළ තනි බලයක් කිසිවෙකුටත් නොමැති බවත් සැවෝම එක්ක යන ගමනක් ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඇමැතිකම් නොලැබුණත් ගැටළුවක් නෑ … අපි දිනලා ඉවරයි! මනුෂ නානායක්කාර

ඔක්තෝම්බර් 26 වැනිදා රටේ ඇතිවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට එරෙහිව ආරම්භ කළ සටන පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති අගමැතිවරයෙක් හා ඇමැති මණ්ඩලයක් පත් කරගැනීමත් සමග ජයග්‍රහණය කළ බවත්, මේ වන විට තමන් සිටින්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

පොහොට්ටුවේ සාමාජිකත්වය ගත් මන්ත්‍රීවරුන්ගේ ඉරණම – ඇමැති රාජිත !

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසකගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පිළිබදව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක දී අවසන් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එජාපයේ නව සන්ධානයේ ව්‍යවස්ථාව ගැන සාකච්ඡාවක්

නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිත තිබේ. එම නව සන්ධානය පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනායට එකතුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පසුගියදා එම පක්ෂයට අනුමැතිය ලබා හිමිවිය.

එජාප ආණ්ඩුව රකින්න ගිය ශ්‍රීලනිප අයට වැඩ වරදින බව මහලේකම් කියයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රැක ගැනීම සඳහා ආණ්ඩුවට එක් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි. මහලේකම්වරයා මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන් උපදෙස්වලට පිටින් ක්‍රියා කළහොත් ඊට අදාළව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

2019 දී රාජපක්ෂ පවුල්වාදය බිමට දානවා – ඇමැති පාඨලි කියයි

2019 අග දී මේ රට වෙලා තිබෙන රාජපක්ෂ පවුල් වාදය බිමට හෙලන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින්.

කැබිනට් නොවන අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දෙයි

කැබිනට් නොවන අමාත්‍යවරු 03 දෙනෙක්, රාජ්‍ය අමාත්‍යවරු 17 දෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු 07 දෙනෙක් අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

අපි කුමන්ත්‍රණ කළේ නෑ ..ඔය පුටු ෂුවර් නෑ …- මහින්ද රාජපක්ෂ කියයි

මුදල් අමාත්‍යවරයා වශයෙන් මංගල සමරවීර මහතා විසින් අද දිනයේදී ඉදිරිපත් කළ අවස්ථාවේදී ආණ්ඩුව ලබා ගත්තේ කුමන්ත්‍රණය කර ඇති බවට කල ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්ධන මිල අඩු කරන බව අගමැති කියයි

ඉන්ධන මිල තවත් පහළ දැමෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාතවරයා මේ බව පැවසුවේ 2019 වසරේ මුල් මාස 4 සඳහා රජයේ වියදම් ඇතුළත් අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දීය.

අතුරු සම්මත අයවැය අද පාර්ලිමේන්තුවට

නව රජයේ අතුරු සම්මත ගිණුම අද(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර එය ඉදිරි මාස 04 සඳහා වු රජයේ වියදම් සම්බන්ධව ඉදිරිපත් කෙරුණු ඇත.