21 September 2024

එජාපයේ කෘත්‍යාධීකාරි මණ්ඩල රැස්වීම කල්යයි

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල අද (27) දින සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබු නමුත් එය කල් තබා ඇති බව එම පක්ෂය පවසයි.  අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳව සාකච්ජා කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට නියමිතව තිබිණි.

සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් 800 කට පශ්චාත් සීමාවාසික පත්වීම්

සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඊයේ (26) දින තීරණය කරන ලදි.

මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවිමට අවශ්‍ය පියවර ගන්න – ඇමැති හැරිසන් කියයි

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල මත්ස්‍ය පරි‍භෝජනය තවමත් ජනතාවගේ පෝෂණ මට්ටම සපුරාලීමට තරම් ඉහළ මට්ටමක නොපවතින හෙයින් ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය ඉහළ නැංවීමට රටේ අභ්‍යන්තර මත්ස්‍ය නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සදහා පියවර ගත යුතු බව අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

උතුරේ ජලගැලීමෙන් අවතැන්වූවන්ට සතොසෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය

උතුරේ ජල ගැලීමෙන් අවතැන් වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව සැපයීමේ අරමුණින් ලංකා සතොස මගින් ක්‍රියාවට නංවන වැඩසටහනේ පළමු අදියර ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු ලොරි රථ පහක් (05) වැලිසර පිහිටි සතොස ගබඩා පරිශ්‍රයේ සිට ජල ගැලීමෙන් හානියට පත් ජනතාව වෙසෙන ප්‍රදේශවල ලංකා සතොස ශාකා වෙත පිටත් කර හැරීම අද (26) සිදුකෙ‍රෙණි.

අවුරුදු හතේ ඔස්ට්‍රේලියා නායකයා අද තරඟ බිමට 

හදවත් රෝගයකින් පෙළෙන සිටින ඕස්ට්‍රේලියානු හත් හැවිරිදි ආකි ස්චිලර් විසින් අද දින ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් පිටියේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ සම නායකයා ලෙස කටයුතු කරනු ඇත.

ගංවතුරෙන් විපතට පත් ජනතාවට හානි පූරණය කිරීමට සහ වන්දි ලබාදීමට ජනපතිගෙන් උපදෙස්

උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතරම, ආරක්ෂිත කදවුරුවල සිට නැවත පදිංචියට යන ජනතාවට හානි පූරණය කිරීමේ හා වන්දි ලබාදීමේ වැඩසටහනක් කඩිනමින් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ප්‍රවාහන ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ සිට පහළට…!

විසි හයවැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්ගාස්තු අඩු කරන බව ප්‍ර‍වාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඊයේ (24) බස්හිමියන් සමඟ පැවැති සාකච්ඡාවේදී ඉන්ධන මිල අඩු කිරීමට සමාන්තරව සියයට හතරකින් (4 %) එම බස් ගාස්තු අඩු කිරීම සිදු කරන බව එකඟතාවයට පැමිණ තිබේ.

30 ට වැඩි වුණොත් යනවා උසාවි …. මන්ත්‍රී රෝහිත

නව අමාත්‍ය මණ්ඩලය 30 ඉක්මවුවහොත් එයට විරුද්ධව අධිකරණයට යාමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (24) බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

පොහොට්ටුවේ අය දැන් හෙලවිලා – ඇමැති ලක්ෂ්මන් කියයි

මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට තේරීපත්වුණු පක්ෂයෙන් ඉවත් වී මාසයක් අවසන් වූ වහාම ඉබේම ආසනය අහිමි වන බවත් පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්ත මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූර අහිමි වීම පිළිබඳ තමා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කල තර්කයක් විවේචනයට ලක් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

2019 වසරට ඇමෙරිකාවට නව ආරක්ෂක ලේකම්වරයෙක්

2019 වසරේදී ජනවාරි මස 01 වනදා සිට වැඩබලන ආරක්ෂක ලේකම්වරයා ලෙස පෙට්‍රික් ෂැනහැන්ව පත්කරන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කර තිබේ.