21 September 2024

ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ගම්මානවල ජනපතිගේ නිරීක්ෂණයට

දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීප ව්‍යාප්තව ක්‍රියාවට නංවා තිඛෙන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ක්‍රියාත්මකවන අනුරාධපුර, පළුගස්වැව, ආසිරිගම ගම්මානයේ ද ජනාධිපතිවරයා අද (20) නිරික්ෂණ චාරිකාවක නිරත විය.

හෙට අතුරු සම්මත අයවැය ඉදිරිපත් කරනවා – ඇමැති මංගල

2019 වසරේ මුල් මාස හතර සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීම වෙනුවෙන් වූ අතුරු සම්මත ගිණුම හෙට(21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජනවාරි මාසය තුළ නව වසර සඳහා වන අයවැය ලේඛනය ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි

නව රජයේ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම් අද (20) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ සිදු කර තිබේ. දිවුරුම් දුන් සියලු අමාත්‍යවරුන්ගේ විස්තර පහතින් දැක්වෙයි. TTVnews.lk කියු දේ ඉටු වෙයි.

රාජ්‍ය මාධ්‍ය 2 ක් ජනපතිට – මංගලට මුදල්

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට වෙත පැමිණ තිබේ.

ඇමැති ධුර 30 ස්ථිරයි…. රංගේටත් නොදෙන්න තීරණය කරයි

අමාත්‍ය මණ්ඩලය හෙට 8.30 දිවුරුම් දීමට නියමිත අතර අමාත්‍ය ධුර 30 කට සීමා කිරිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ. හෙට දිනයේදී අදාළ කැබිනට් මණ්ඩලය එක්සත් ජාතික පක්ෂයේ පිරිස් පමණක් බව ජනාධිපතිවරයා පැවසු බව නිශාන්ත මුතුහෙට්ටිගම මන්ත්‍රීවරයා පවසා සිටියේය.

මහින්දගේ මන්ත්‍රී ධූරය මෛත්‍රී රකියි…!

හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය කථානායක කරු ජයසූරිය මහතාට ලිපියක් මගින් දන්වා යැවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් සමාගම, සී/ස ශ්‍රී ලංකා කේටරිං සමාගම සහ සී/ස මිහින් ලංකා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් සිදු වූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ ජනාධිපති කොමිසමේ නිල කාලය 2019 පෙබරවාරි 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ.

පාර්ලිමේන්තුව රැස් වෙයි… විධායක ජනාධිපතිකම අහෝසි කරන විවාදය අදත්

කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1 රැස්වීමට නියමිතයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරිමේ යෝජනාව පිලිබද විවාදය අදත්, පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ඇමැති මණ්ඩලය අද දිවුරුම් දෙයිද? එජාපයේ 3කට ජනපති බෑ කියයි

නව අමාත්‍ය මණ්ඩලය අද දිනයේදී දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ග පවසයි. එම ආරංචි මාර්ග කියා සිටියේ අද දිනයේදී අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට සියළු කටයුතු සුදානම් බවයි.

මහවැලි කලාපවල අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනයට – ජනපතිගෙන් නිලධාරින්ට උපදෙස්

ඉදිරි යල කන්නයේ දී මහවැලි කලාපවල වී නිෂ්පාදනයට සමගාමීව අතිරේක ආහාර බෝග වගාව ප්‍රවර්ධනය කිරීම සදහා පුථල් වැඩසටහනක් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහවැලි නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.