22 September 2024

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් අද විශ්‍රාම යයි

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇත. මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස 02 වන දිනයේදිය.

ක්‍රීඩාව විනාශ වෙන්න සල්ලි හේතු වු බව ඇමැති අර්ජුන කියයි

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ විනාශයට මූලිකතම හේතුව මුදලට ඉදිරියට ගෙන ඒම බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ XBAN 2018 ප්‍රදර්ශනය දෙවැනි දිනයට විවෘත කිරීමේ අවස්ථාවට අද (11) එක්වෙමින්.

අභියාචනය ඉවතට – දුමින්දට මරණ දඩුවම නියම කරයි

භාරත ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණය ලබාදුන් මරණ දඬුවම, ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තහවුරු කරයි.

ෆ්ලොරිඩාවේ ඇති වු කුණාටුව දරුණු තත්ත්වයක

මයිකල් චණ්ඩ මාරුතය අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ වෙරළට පැමිණිම නිසා නිවාස හා ස්වභාවික සම්පත් රැසකට හානි සිදුව ඇති අතර මේවන විට පුද්ගලයින් දෙ දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කර තිබෙන “අපි වවලයි -අපි කන්නේ” කඩිනම් කෘෂිකාර්මික සංවර්ධන වැඩපිළිවෙල යටතේ වගා සංවර්ධන කලාප අපනයන වැදගත්කමක් ඇති බෝග සඳහා ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.

මානසික සෞඛ්‍ය නගා සිටුවීමට මාධ්‍ය මෙහෙවර වැදගත් – සුව ඇමැති කියයි

ජනතාවගේ මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ දී මාධ්‍යයට විශාල කාර්යභාරයක් ඉටු කළ හැකි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

පෙට්‍රල් වැඩි කළාට ඩීසල් වැඩි කරන්නේ නෑ

රජය විසින් ඉන්ධන මිල මාස්පතා තීරණය කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද මිල සූත්‍රයට අනුව මෙවර ඩීසල් ලීටරයක මිල රු. 11 කින් වැඩිකළ යුතුව තිබූ නමුදු මහජනතාවට, විශේෂයෙන් ප්‍රවාහන, ධීවර වැනි ක්ෂේත්‍රයන්ට ඇතිවන්නා වූ අහිතකර බලපෑම් සැලකිල්ලට ගෙන ඩීසල් මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මිල සූත්‍රයකට වඩා ප්‍රශ්ණ ඇති බව අගමැති කියයි

මිල සූත්‍රයකට වඩා ලෝක තෙල් පිළිබඳ අර්බුදයක් මෙන් ම ඩොලරය පිළිබඳ අර්බුදයක් තිබෙන බවත් ජනතාවට සහන ලබාදිය යුතු බව රජය පිළිගෙන තිබෙන බවත් මෙම ප්‍රශ්නයට මුහුණ දී,රට එයට ලැස්ති කොට ප්‍රධාන ප්‍රශ්නයට විසඳුම් සෙවීමට තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහින්දට වැඩපිළිවෙලක් නෑ……. එයා නිරුත්තරයි ….. – බිමල් කියයි

මහින්ද රාජපක්‍ෂලාට රට හදන්න වැඩපිළිවෙළක් නොමැති බවත් ඔහු මාධ්‍ය ඉදිරියේ නිරුත්තර වීමෙන්ම එය පැහැදිලි බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

චිත්‍රා පටුමඟ ගිලා බසි( Video)

නාරාහේන්පිට, චිත්‍රා පටුමඟ මංසන්ධිය අසළ මාර්ගයේ කොටසක් අද (10) පෙරවරු 6 ට පමණ ගිලා බැසීමකට ලක්ව තිබේ. එම ගිලා බැසීම වන අවස්ථාවේදී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් එහි ගමන් කරමින් සිට ඇත.