22 September 2024

රිජෙක්ට් වෙච්ච අයත් එක්ක ආණ්ඩු කරන්නේ නෑ – සභානායක කියයි

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් නොමැති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලංකාවට මත් යුද්ධයක් එපා …. ! -ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය

මත් රකුසා පරාජය කිරීමට යුධ වදිනවා වෙනුවට මත්ද්‍රව්‍ය නියාමනයට උපක්‍රමික පියවර ගතයුතු බව ශ්‍රී ලංකා සමාජ ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී පක්ෂය පවසයි. එම පක්ෂය විසින් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලොව පුරා මත් යුද්ධය අවසන් කිරීම ගැන සංවාද ඇතිවෙන යුගයක ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එම සංවාදයෙහි කොටස්කරුවන් වීම අරුමයක් නොවන බවයි.

රුපියල කඩා වැටීම කියන්නේ ආර්ථියක කඩා වැටෙනවා නෙවෙයි – ඇමැති මංගල කියයි

2015 දී අපට භාර දුන්නේ රාජ්‍ය මූල්‍ය කාල බෝම්බයක් බවත් භාර ගත් ආණ්ඩුව මේ වන විට සියලු අර්බුදයන්ට මුහුණ දෙමින් ශක්තිමත් වෙමින් පවතින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ජවිපෙ 20 ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න

පාර්ලිමේන්තුවට ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ජනමත විචාරණයකින් සහ පාර්ලිමේන්තුවේ 3 න් 2 ක බහුතරයකින් සම්මත කර ගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය, දැනුම්දී තිබේ.

සන්ධ්‍යා සඳකිදුරිගේ විලාපය කියයි

අතුරුදන් වු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් සිදු කරන පරික්ෂණවල සත්‍ය තොරුතුරු වසන් කරන බවත් එම තොරුතුරුවල සත්‍යතාවය දැන ගැනීම සඳහා හෙට (10) දින මහනුවර දලදා මාලිඟාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් කරන බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසනවා.

අයවැය විසර්ජන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

2019 වසර සඳහා රජය ඉදිරිපත් කරන අයවැයේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිෂෙල්ස් රාජ්‍යය ජනපතිව උණුසුම්ව පිළිගනි

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා අතර නිල හමුව අද (08) පස්වරුවේ සිදු විය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ලන්ඩන් කොටස් වොලෙඳ පොළ සුදානම්

ගෝලීය හා දේශීය ස්වභාවික ව්‍යසනයන් හමුවේ වුව ද ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා ඉතා ශක්තිමත් පදනමක් සකසා ගැනීමට හැකි වීම අතිශය අගය කළ යුතු කරුණක් බවත්, ශ්‍රී ලංකාවේ අනාගත යටිතල පහසුකම් හා ආයෝජන සඳහා සහය ලබාදීමට ලන්ඩන් කොටස් වෙළඳපොළ සූදානම් බවත්, ලන්ඩන් කොටස් වෙළඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් ෂ්විමර් (Mr. David Schwimmer) මහතා පවසයි.

හැමෝටම පිළිගන්න ඡන්ද ක්‍රමය වෙනස් විය යුතුයි – ඇමැති රිෂාඩ් කියයි

රටේ නායකයින්කීප දෙනෙකුගේ අවශ්‍යතාවයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සිදු නොකල යුතු බවත් එලෙස මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමක් සිදු කලහොත් රටේ සියලු ජනකොටස්වල අදහස් ගෙන සියලු ජන කොටස්වලට පිළිගත හැකි ආකාරයට එය වෙනස් කිරීම සිදුකලයුතු බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පිදුරුතලාගල කදු මුදුනේ සිට නව තැපැල් සේවාවක්

ශ්‍රී ලංකාවේ උසම ස්ථානය වන පිදුරුතලාගල කදුමුදුනේ තැපැල් පෙට්ටියක් ස්ථාපිත කර ශ්‍රී ලංකා තැපැල් සේවය නව සේවාවක් ආරම්භ කර ඇත. දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් මතක සැමරුම් තැපැල් පතක් තම නෑදැ හිත මිතුරන් වෙත යැවීමේ අවස්ථාව මින් උදා වේ.